IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගාල්ලේ ප්‍රදේශ රැසක ජනතාව ආරක්ෂිත ස්ථාන වලට

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව,තවලම,බද්දේගම,නාගොඩ වැලි විටිය දිවිතුර ආදී ප්‍රදේශවලට හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වලට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පැවසීය.
 
ඇතිවි තිබෙන ආපදා තත්වය පිළිබඳව අද (19) පස්වරුවේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කියා සිටියේය.
 
කොරෝනා අවදානම නිසා සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම ආරක්ෂිත ස්ථාන  පවත්වාගෙන යන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
 
ගිං ගඟ දෙපස පහත් බිම්වල සිටින ජනතාවට ඉවත්වීමේ නියෝගයක් ලැබුණ පසු ඔවුන් ඉවත් කිරීමටද පියවර ගන්නා බව ඔහු පැවසීය.
 
එයට අමතරව පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදිමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
 
මෙහිදි ගාල්ල දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා කියා සිටියේ දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන 218 ක් හඳුනාගෙන තිබෙන අතර කොරෝනා අවදානම නිසා සමාජ දුරස්ථභාවය අනුව ආරක්ෂිත ස්ථාන සංඛ්‍යාව තවත් වැඩිකිරිමට පියවර ගන්නා බවය.



අදහස් (0)

ගාල්ලේ ප්‍රදේශ රැසක ජනතාව ආරක්ෂිත ස්ථාන වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site