ඉන්දිකා රාමනායක
71 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ගාලූමුවදොර දී පැවැත්වෙන ප‍්‍රධාන සැමරුම් උත්සවය වෙනුවෙන් හෙට (4) අලූයම 5.00 සිට උත්සව අවසන් වන තෙක් කොල්ලුපිටිය හංදියේ සිට ලෝටස් වටරවුම දක්වා මාර්ග සම්පුර්ණයෙන්ම වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අදාළ කාලසීමාව තුළ එම මාර්ගය මඟ හරිමින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම කාලය තුළ කොල්ලුපිටිය දෙසින් කොළඹට ඇතුළු වන වාහන සඳහා කොල්ලූපිටිය හන්දියෙන් දකුණට හරවා ගමන් කිරීමට හැකියාව ඇති අතර , කොළඹින් පිටවන වාහන ඕල්කට් මාවත ,පංචිකාවත්ත, මරදාන දෙසින් පිටවීමට හැකියාව ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd