(උපුල් හේරත්)
දුම්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යොදා සිය බඩ ඉරිඟු වගාවේ සිටි සේනා දළඹුවන් විනාශ කිරීමට හැකි වූ බව ගලෙන්බිඳණු වැව , තෝඩාමඩුව, යකල්ලේ ගොවි මහතෙකු කියයි.
සේනා දඹුවා සිය වගාවෙන් මර්දනය කර දැමු බව ගලෙන්බිඳුණු, තෝඩාමඩුව, යකල්ලේ පදිංචි ගොවි මහතකු වන බී විජේසිංහ ගොවි මහතා අවධාරණය කරයි.
මෙම ගොවි මහතා පවසන කරුණ සම්බන්ධයෙන් විමසීමේදී මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ විදේශ රටකින් සංක්‍රමණය වූ බවට සැලකෙන මෙම සේනා දළඹුවා වැනසීමට කෘමි නාශක වර්ග 12ක් සොයගෙන ඇති බවයි.
නමුත් එම කෘමිනාශක වලින් කෘමින් විනාශ වුවත් , සේනා දළඹුවාගේ බිත්තර වලින් හටගන්නා කෘමීන් විනාශ කිරීමේ හැකියාවක් නොමැති බව ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.
කෙසේ වුවද බී.විජේසිංහ ගොවි මහතා පවසන මෙම කතාවේ සත්‍යතාව පිළිබඳව සොයා බලන බවද ගුණවර්ධන මහත්මිය පැවසුවාය.
(85515)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගලෙන් බිඳුණුවැව ගොවිමහතාගේ මතයට කීට විද්‍යාඥවරියගේ අවධානය
Asoka Monday, 14 January 2019 11:35 PM
මීට පෙරත් එක වගා කරුවෙකු කියල තිබුණ අළු සහ වැලි කලවම් කරලා වගාවට ඉස්සාම මේ දළඹුවා ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් බව. ඊට අමතරව තවත් විද්වත් මහත්මයෙකුත් කියල තිබුණ අළු/ දහයිය අළු වලට මේ සතා විනාශ වෙනවා කියල. ඇයි මේ වගක් නිලධාරීන්ට ඇහෙන්නේ /පෙනෙන්නේ නැත්තේ? කෘමි නාශක නාවලා මේවා දෙන්නේ මිනිස්සුන්ට කන්න නේද ?
td Tuesday, 15 January 2019 12:25 AM
ලෝකයේ බඩඉරිඟුවගාව ප්‍රබල වශයෙන් කරන රටවල් වන කැනඩාව සහ ඇමරිකාවලත් තිබෙන මෙම උවදුර එම රටවල් සාර්ථකව පාලනය කර ඇති නිසා එමරටවලින් උපදෙස් ලබා ගැනීමට රජය කටයුතු කිරීම වැදගත්ය.
Vipula Tuesday, 15 January 2019 12:38 AM
ප්‍රයෝගික අත්දැකීම් න්‍යායාත්මක දැනුමට වැඩ ප්‍රයෝජනවත් බව පෙන්වාදුන් විජේසිංහ ගොවි මහතාට ස්තුතියි.
Kumar Tuesday, 15 January 2019 03:09 AM
ලංකාවේ පමණක් නොවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සේනා දලබුවෝ ගොවිතැන් විනාශ කරනවා වග කියන්න ඕනෙ. එම දලඹුවන් විනාශ කරන දිලිර නාශකය මිනිස් ශරීරයටත් අහිතකර බව අමතක කරන්න එපා. මෙවැනි විෂවර්ග ශරීර ගත වීමෙන් අනාගතයේ වකුගඩු සහ අක්මාව වැනි ශරීරයට නැතිවම බැරි ඉන්ද්‍රියන් විනාශ විය හැක. මේ වැනි අවස්තාවලදී කල හැක්කේ රජයෙන් ගොවීන්ට වන්දි ගෙවා ඵලදාව විනාශකර දැමීම පමණි. තැනට නුසුදුසු රසායනික පාවිචිය තහනම් කිරීම යෝග්‍යි.
sarath Tuesday, 15 January 2019 03:59 AM
බඩ ඉඟුරු පලාතෙන් පලාතට ප්‍රවාහනය තාවකාලිකව නතර කරන්න.. ගොවීන්ට වන්දි මුදලක් දීම අපහසු කාරණයක් නොවේ.
Vishwa Tuesday, 15 January 2019 04:04 AM
මොනවාද තවත් බලන්නෙ ඒ ගොවි මහතා කියන දිලීර නාශකය මිනිසුන්ට විස නොවේ නම් දළඹුවොත් මර්දනය වෙනවා නම් තවත් බල බලා ඉන්නේ මොකද ..
ජෝර්ජ් ගුණසේකර Tuesday, 15 January 2019 04:28 AM
කරුණාකර යෙදු බෙහෙත ගැන දැනුවත් කරන්න
sam Tuesday, 15 January 2019 06:03 AM
දුං කොළ වලට ගහන කෘමිනාශක ගහලා බඩ ඉරිඟු වගාව බේරා ගත්තා උනාට ඒ බඩඉරිඟු ආහාරයට ගන්නා මිනිසුන්ටත් බේරෙන්න පුළුවන් වෙයිද කියලත් හොයා බැලුවානම් හොඳයි.
ROSHAN Wednesday, 16 January 2019 02:39 AM
එම මහතා යොදන්නේ කාබනික , රසායනික නොවන ස්වභාවික දිලීර නශකයක් . තවත් බලාගෙන ඉන්නේ මොකටද ?
saliya Wednesday, 16 January 2019 12:01 PM
මම දැනට වසර 35ක් පමණ පරීක්ෂණ කරලා අඩු වියදම් සෞඛ්‍ය ආරක්ෂක විදියට නිවසේ මදුරුවන් පලවාහරින ක්‍රමයකට පේටන්ට් එක අරන් තියනවා. කරන්නේ පැඟිරි තෙල් නැනෝ ලේයරයක් අප නිවාස තුල හදනවා. මේකට කෘමින් හරි සංවේදී වෙනවා. මාසයකටම මධ්‍යම පාන්තික නිවසකට වැයවන්නේ අවුන්ස 1/2ක් පමණි. රජයට ඕනේ නම් බිත්තර දාන්න කලින් කෘමියා පලවා හරින්න මේ ක්‍රමය පාවිච්චි කරන්න උපකරණ හදල දෙන්න මට පුළුවන්. එතකොට වකුගඩු රෝග වලින් මගේ ජාතිය බේරගන්න පුළුවන්.