IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ගල්කොරියෙන් අතුරුදන් වූ පුපුරන ද්‍රව්‍ය තලවත්තෙන් මතුවෙයි


(සමන් විජය බණ්ඩාර)
 

මාවනැල්ලේ මොල්ලිගොඩ ගල්කොරියෙන් අතුරුදහන් වු ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය පේරාදෙණිය තලවත්ත ප‍්‍රදේශයේ සඟවා තිබියදි සොයා ගැනීමට අද(03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවිය.සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
පේරාදෙණීය ප‍්‍රදේශයේ පදිංචි සරත් බණ්ඩාර, පිළිමතලාව ගනේගොඩ ප‍්‍රදේශයේ පදිංචි සුගත් ගිම්හාන නැමැති වයස අවුරුදු 21 ක පුද්ගලයෙකු, පේරාදෙණීය බෝයගම ප‍්‍රදේශයේ පදිංචි සුගත් වීරසිංහ නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකු, පේරාදෙණිය තලවත්ත ප‍්‍රදේශයේ පදිංචි තුෂාන් පින්නගොල්ල නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. පේරාදෙණීය ප‍්‍රදේශයේ පදිංචි සරත් බණ්ඩාර විසින් පුපුරණ ද්‍රව්‍ය සොරකම් කර අදාල පුද්ගලයන් වෙත භාර දී ඇති බවත් ඔවුන්ද ගල්කොරි පවත්වාගෙන යන අය වන බවද අනාවරණය වී ඇත.
 
මාවනැල්ල මොල්ලිගොඩ ප‍්‍රදේශයේ කළුගල් ගල්කොරිය පවතින ස්ථානයේ ගබඩා කාමරයේ තිබූ ඇමෝනියම් නයිට්රේට් කිලෝ 15 ක්, වොටර්ජේල් ග‍්‍රෑම් 750ක්, ඩෙටනේටර් 20ක්, වෙඩි බෙහෙත් නූල් මීටර් 35ක් සහ ගල් සිදුරු කරන උපකරණ කිහිපයක් පසුගිය දෙසැම්බර් 22 වැනි දින රාත‍්‍රීයේ සිට අතුරුදහන් ව තිබුණි. 
එම ගල්කොරිය ඇති ඉඩම මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සතු වන අතර දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ එය පවත්වාගෙන යන්නේ පිළිමතලාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින්ය. මෙම පුපුරණ ද්‍රව්‍ය නැතිවීමෙන් පසුව මාවනැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් අදාල ව්‍යාපාරිකයා සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක් සිදු කර එම පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබුණි. පසුව මාවනැල්ල පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කිහිප දෙනෙකුගෙන් කටඋත්තර සටහන් කර පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට පරික්ෂණ සිදු කරමින් තිබුණු අතර ගල්කොරියේ කටයුතුද තහනමකට ලක් කරන ලදි.
මෙම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුයේ මෙවැන්නකි.
 
"මෙම පුපුරණ ද්‍රව්‍ය නැති වීම සම්බන්ධයෙන් සාර්ථකව සිය විමර්ශනය අවසන් කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීමට අදාලව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වාගේම මුලින්ම මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා එහි සේවකයෙක්. ඔහු දැනට රිමාන්ඞ් භාරයේ සිටින්නේ. ඔහුගේ සෘජු සම්බන්ධතාවයක් මෙම සිද්ධියට තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව පේරාදෙණිය තලවත්ත ප‍්‍රදේශයේ තිබී සොයා ගන්නා ලද මෙම සියලූ පුපුරණ ද්‍රව්‍ය ඒ වාගේම එම ගල්කොරියෙන් සොයා ගන්නා ලද ද්‍රව්‍ය සාර්ථිකව විමර්ශනයක් කර සොයාගත්තා. මෙම සිදුවීමට කිසිම ආකාරයක අන්තවාදි හෝ ත‍්‍රස්තවාදි ක‍්‍රියාවල එවැනි සංවිධානවල කිසිම සම්බන්ධතාවයක් නැහැ.මෙම පුපුරණ ද්‍රව්‍ය වෙනත් ගල් වලවල්වල අයට අලෙවි කර තිබෙන බවටද සොයා ගත්තා" බවද පැවසීය.
 



අදහස් (3)

ගල්කොරියෙන් අතුරුදන් වූ පුපුරන ද්‍රව්‍ය තලවත්තෙන් මතුවෙයි

කමල් Sunday, 03 January 2021 05:39 AM

මුලින්ම පොලීසියට ස්තූතිවන්ත වෙනවා... චූදිතයන් අල්ලලා අපේ බය නැතිකරපු එක ගැන. හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා. නිවුස් වාර්තා කරන විදි දෙකක් මේ නිවුස් එකෙන් අඳුනා ගත්තා. එකක් තමයි මහ ජාතියට අදාල චූදිතයන්. ඒ ගොල්ලන්ගේ නම් වයස් සඳහන් කරනවා. ශ්‍රී ලාංකිකයෙක් නම් මොකුත් නෑ ගම විතරයි. මේක ජාතීන් අතර සහජීවනයට සුවිශේෂී බලපෑමක් එල්ල කරපු හින්දාද දන්නේ නෑ එහෙම කලේ...? මම කියපු දේ අවිශ්වාස නම් කුණු තේකොළ කුණු පරිප්පු, කුණු අල, අදාල පරණ නිවුස් බලන්න. පොලිසිය ඒ අයගේ නම් ගම් මාධ්‍යට එලිදරව් කරලා නෑ...

:       0       0

Naushad Sunday, 03 January 2021 06:49 AM

ඔය හොරු ටික අහු නොවුණානම්?

:       0       0

fairoos Sunday, 03 January 2021 07:57 AM

පොලිසියට ප්‍රණාමය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 376 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 104 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site