(රංජන් කස්තුරි සහ ඩයනා උදයංගනී)
ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් රැසක් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ දී අද (22) උදෑසන ආරම්භ විය.
මෙම උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටිති.
කොළඹ දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පැවැත්වෙන අතර මේ හේතුවෙන් මාර්ග අවහිරවීමෙන් කොටුව හා ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද පවතෙ
වැටුප් විෂමතාවය ඉවත් කර ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කරන්නැයි බලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යාල කාර්ය සහායක මහතෙකුට 55,000. උපාධි 2 ශ්‍රේණිය ගුරුවරුන්ගේ වැටුප 35 - 40,000 සීමාවේ.
අවංක ගුරුවරුත් ඉන්නවා .නමුත් පෙරමුණේ ඉන්නේ දේශපාලනය පමණක් කරන වාමාංශික ගුරු හොරු පිරිසක්
උද්ඝෝෂණ කිරීමේ ගැටළුවක් නැහැ, ඒත් මේ වගේ සෞඛ්‍ය අනාරක්ෂිතව රැස්වුණොත් අවසාන විසඳුම ඉතින් ඩෙල්ටාම වේවි.
තමන්ගේ වටිනා කාලය නාස්ති කිරීමක්, ඉල්ලන දේවල් ලැබෙන්නේ නැහැ ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා .
ජයවේවා !!! දුෂිත පාලනය පෙරලා දමා , නව ජනාධිපති වරයෙක් සහ ප්‍රගතිශීලි නව රජයක් ගොඩනගමු. දුෂිත චෝදනා ඇති සියලුම දේශපාලුවන් නිතිය ඉදිරියට ගෙන එමු.
මෙහි පහළින් තියන දෙවෙනි හා හතරවෙනි ෆොටෝ වල ඉන්න හාදයා කවුද? ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳන්න ආපු.. රටට ලැබිය යුතු ආදායම තමන්ගේ පොකට් එකට දාගෙන හිටිහැටියේ ධනපතියෙක් වුණු කොමාන්ඩෝ කාරයෙක්ද? කටින් ගහලා ප්‍රශ්න විසඳලා ඵලක් නැහැ. පවතින උද්ද්ධනය හමුවේ ගුරු වැටුප් විෂමතා ඉවත් කර විසඳුම් ලබා දෙන්න. රටේ ජනතාවගෙන් බහුතරය පුන්නක්කු කෑවාට ගුරුවරුන්ට පුන්නක්කු කාලා ළමයින්ට උගන්වන්න බැහැ. කීරි සම්බා කිලෝ එකක මිල මේ මාස කිහිපය තුළ රුපියල් සියයකින් වැඩි වෙලා. ඉතින් අනිත් දේවල් ගැන කතා කරන්න ඕනෑ නැහැනේ. මේ රට බංකොළොත් බව මුලින්ම දැනුනේ ගුරුවරුන්ටයි. දැන්ම මෙයට විසඳුමක් දුන්නේ නැත්නම් ඉදිරි කාලය තුළ මේ රට මහත් ව්‍යවසනයකට පත්වේවි... කරුමේ කියන්නේ ලෝකයේ පවතින වසංගත වාතාවරණය තුළ දේශප්‍රේමීන්ට පිටරටකට පැනගන්න වත් අවස්ථාවක් නැහැ...
ගුරුවරුන් ගේ මේ ගැටළු ඇදිලා යනවා වැඩියි. ඊළඟ කොවිඩ් පොකුර ස්ථිරවම මෙතැනින් පටන් ගන්නවා. අති විශාල ගුරුවරු පිරිසක් පොසිටිව් වෙනවා වළක්වා ගන්න බැරි වෙනවා. මේ අධ්‍යාපන ඇමතිවරයා වහාම ඉවත් කරන්න. ලේකම් වරයාත් එක්කම. මේ වගේ අකාර්යක්ෂම අධ්‍යාපන ඇමැතිවරයකු සහ ලේකම් කෙනෙක් ඉතිහාසයටම ඉඳලා නැතිව ඇති. පහුගිය අවුරුදු දෙකටම මෙලෝ දෙයක් නොකෙරුණු තැනන් ඔතන...
ගුරුවරු පුදුම ආදර්ශයක් දෙන්නේ ළමයින්ට... මෙහෙම ගුරුවරු මොකටද? කොහෙන් හරි චීවරධාරියකුත් ඉන්නවාමයි.. අනිත් කිසිම ආගමක අය මෙහෙම හැම එකටම එන්නේ නැහැ... ඒකට හාමුදුරුවරු... අනාගතයත් ඉවරයි, ආගමත් ඉවරයි.
පටන් ගත්තේ කොතලාවල පනතින් " නිදහස් අධ්‍යාපනය බේරා ගනිවු !" කියල අවසන් කලේ " අපේ පඩි වැඩි කරවූ " .. කොවිඩ් අස්සේ රජයේ බදු ආදායම පිච්චියට වැටිලා රජයේ පඩි ගෙවා ගන්නත් බැරිව ඉද්දී... ජවිපෙ අයට වුවමනා වුණා දරුවන් බිල්ලට තියලා හරි ඔවුන්ගේ දේශපාලනේ කරන්න...
රටේ සැබෑ තත්ත්වය තේරුම් නොගෙන, N.G.O. කුක්කන් වන දේශපාලන පක්ෂවලට කඩේයමින් මොවුන් මේ කරන්නේ, පටු, අසත්පුරුෂ, නින්දා සහගත ක්‍රියාවක්... සාමාන්‍ය ජනතාව මෙය තරයේ හෙලා දකිනු ලබයි. මෙවැනි උද්ඝෝෂණ කරන කාලයක් නෙවෙයි මේක...