
(යොහාන් භාසුර)
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අයවැය ලේඛණයෙන් ලබාදුන් පොරොන්දු ඉටුකරන තෙක් ලබන වසරේ (2022) ජනවාරි මස 20 වැනිදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බව ගුරු - විදුහල්පති වෘත්තීය සංගම් අද පැවසීය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ අයවැයෙන් ලබාදුන් පොරොන්දු ඉටුකිරීම සඳහා රජය වාහාම චක්‍රලේඛණ නිකුත් කළ යුතු බවත් ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා වැඩිවන වැටුප ලබාදිය යුතු බවත්ය.
රජය එම පොරොන්දුව ඉටුනොකළ හොත් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ද ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් දුර ගියා නම් ෂුවර් එකටම ස්ටාලින් කනවා බඩ පිරෙන්න. මේ වෙනකොටත් කන්න දීලා... අපේ ළමයි යන්න පෞද්ගලික පාසල්වලට...
මාස ගානක් තිස්සේ පොඩි උන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරාට සාප වෙනවා