IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


“ගුරුසංගම් මස් රාත්තලම ඉල්ලනවා’’

(රංජන් කස්තුරි)

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කළ යුත්තේ වසර කිහිපයක් තුළ පියවරෙන් පියවරට යැයිද ඇතැම් ගුරුසංගම් මස් රාත්තලම ඉල්ලන බවද ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවාය.

දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ගුරුවරුන්ගේ වගකීමක් බැවින් ඔන්ලයින් වර්ජනය අතහැර වෙනත් ක්‍රියාමාර්ග මගින් වැටුප් දිනා ගත යුතු බවද වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවැසුවාය.

අධ්‍යාපන ඇමතිවරයා ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන පත්‍රිකාවෙන් ගුරුවැටුප් විෂමතාවයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද හඳපාන මහත්මිය පැවසුවාය.

ඇතැම් ගුරු සංගම් නායකයන්ට ඇත්තේ දේශපාලන අරමුණු වන අතර තවත් පිරිසක් ආණ්ඩු විරෝධී අරමුණක සිටින බවද සභාපතිවරිය පැවසුවාය.

 



අදහස් (16)

“ගුරුසංගම් මස් රාත්තලම ඉල්ලනවා’’

මැක්ස් Wednesday, 21 July 2021 03:56 PM

ජෝෂප් ස්ටාලින්ටයි, මහින්ද ජයසිංහටයි යට නොවුණු ගුරුවරුත් ඉන්නවා එහෙනම්...

:       1220       1101

මුණසිංහ Wednesday, 21 July 2021 05:09 PM

පැහැදිලි වම ඉන්නව . මම දන්නා පරිදි ඟුරු මාරුවීම් වලදී මෙයාල ඉතාමත් පක්ෂග්‍රාහියි. තමන්ගේ පාක්ෂිකයන් අවශ්‍ය ස්ථාන වලට දානවා. සමහර මාරුවීම් ඉතා අසාධාරණ විදියට කෙරෙන බව අමාත්‍යාංශය තුළ ගුරුවරුන් මාරුකරන මණ්ඩලයේ අය දන්නවා .

:       0       0

SiriWednesday, 21 July 2021 05:29 PM

මෙයාගෙ සංගමේ නම දැක්කම ඉතිං එහෙම වෙන්න ඕන. ඔය හැමෝගෙම තියෙන්නෙ දේශපාලන අරමුණු තමයි

:       0       0

Tharindu Perera Wednesday, 21 July 2021 04:16 PM

බැසිල් කොච්චරක් ගෙව්වද?

:       159       421

Maleen Wednesday, 21 July 2021 04:17 PM

ශ්‍රී ලංකා "පොදුජන" අධ්‍යාපන සේවා සංගමයේ, නම කිව්වොත් ඔක්කොම දන්නවා.

:       57       385

Sunil Wednesday, 21 July 2021 05:23 PM

ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව යුක්තිය වෙනුවෙන් සටන් කරන්න

:       0       0

Nihal Wednesday, 21 July 2021 05:32 PM

ඉල්ලීම් වලට සුදුසු අවස්ථාවක් නොවෙයි .අවුරුදු එක හමාරක් වැඩ නොකර පඩි ,ලෝකේ හුඟක් රටවල 75% ගෙවන්නේ

:       0       0

Lalith M Wednesday, 21 July 2021 05:33 PM

මූන දැක්කම නම් මරියකඩේ මාකට් එකේ කෙනෙක් මතක් වෙන්නේ. මොනව උගන්වන කෙනෙක්ද හැබෑවටම. වියත්මගේ කෙනෙක්ද?

:       0       0

guru sabgam Wednesday, 21 July 2021 05:55 PM

ග්‍රෑම් 250 පමණයි ඉල්ලන්නේ .රාත්තල් වලින් හරියට හදාගන්න ගුරුවරයෙක් ගෙන්ම උපදෙස් උන්නැහේට දෙන්නේ වෙන්නේ

:       0       0

sangam gura Wednesday, 21 July 2021 05:57 PM

බොහොමයක් ගුරුවරු මස් කන්නෙත් නෑ .කන්නේ දෙමාපියන්ගේ මාළු .මෙයා බයිලා කියනවා

:       0       0

සිතන්න Wednesday, 21 July 2021 06:45 PM

පෞද්ගලික අංශය කොරෝනා පටන්ගෙන සති කිහිපයක් තුළ තම ව්‍යාපාර වලට සිදුවිය හැකි පාඩුව පුරෝකථනය කරමින් වැටුප් කප්පාදුවක් සිදුවිය. පෞද්ගලික අංශයේ සමහර ආයතන සේවක කප්පාදුව නිසා සමහරුන්ට රැකියා අහිමිවිය. එදිනෙදා අදායම හම්බකරගත් අයට කිසිදු අදායමක් නැතිවිය. රජයේ වැටුප් කිසිඳු කප්පාදුවක් නැතිව ලබන ඔබ වාසනාවන්ත නොවේද? සිතන්න, මෙවන් අසීරු අවස්ථාවක ලබන වැටුප ගැන සතුටු වී තම සේවය රට වෙනුවෙන් නොමසුරුව ඉටුකරන්න.

:       0       0

Vithana Wednesday, 21 July 2021 08:03 PM

තමුන් හොඳට පඩි, නඩි, දීමනා, යාන, වාහන අරගෙන එහෙම නොලබන අයට ඒවා ඉල්ලන්න එපා කීම කෲර සිතුවිල්ලක්...

:       1       25

sanjeewa Wednesday, 21 July 2021 08:06 PM

යහපාලන සමයේ මොවුන්ව වර්ජනවලට ගෙනියන්න වුනේ බල්ලන් නාවන්න ඇදන් යනවා වගෙයි. දැන් බලන්න එපායෑ... රෙදි උස්සගෙන ඉස්සරහටම දුවනවා. රට නැගිටනවා බලන් ඉන්න බැරි අමනයින් ටික මෙතන ඉන්න බව පේනවා... මහජනතාවට...

:       123       2

හර්ෂ Wednesday, 21 July 2021 08:26 PM

ගුරුවරුන්ට මේ වැටුප් විෂමතාවය ඇතිකළේ 1997දී. ඒ කියන්නේ එදා ඉඳන් රජය ගුරු වැටුප සූරන් කනවා. එහෙම නැත්නම් රජය අවුරු 24ක් (මාස 288 ක් ) ගුරු වැටුපෙන් සැලකිය යුතු කොටසක් හොරා කනවා. වැටුප් විෂමතාව ඉවත් කරන්න මිලියන 3500ක් වෙන් කළා කියලා මහින්ද අය වැයකදී බෙරිහන් දුන්නා. තඹ සතයක් එක ගුරුවරයෙකුට ලැබුනේ නෑ. රෙදි නැතිව රජයට කඩේ යනවා...

:       0       66

Kumara Wednesday, 21 July 2021 08:48 PM

ගුරු සංගම් වල ඉල්ලීම් බැරි වෙලා හරි දිනා ගත්තොත් හඳපාන්ගොඩ නෝනා ඒ වරප්‍රසාද එපා කියනවද?

:       28       15

මුණසිංහ Thursday, 22 July 2021 08:10 AM

දැං තමා මතක් වෙලා තියෙන්නේ . කෙහොම නමුත් දැං හරි විසඳුමක් දිය යුතු ප්‍රශ්නය ක්. පහුගිය කාලෙ මේ ආණ්ඩුවේ අයත් මේක දෙනව කියල කිව්වේ .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site