IMG-LOGO

ගුරුවරු 9 වැනිදා ලිප්ටන් වටරවුමට

(යොහාන් භාසුර)

ගුරු - විදුහල්පති විටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ඉල්ලමින් බස්නාහිර පළාතේ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී ලබන 9 වැනිදා පස්වරු 2.00 ට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ගුරු - විදුහල්පති විටුප් ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටින ලංකා ගුරු සංගමයේ ඇතුළු ගුරු සහ විදුහල්පති සංගම් රැසක සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් එදින කොළඹ පැමිණීමට නියමිත බව කී ජෝශප් ස්ටාලින් මහතා රජය ගුරු වැටුප් ගැටලුවට විසඳුම් දෙනවා වෙනුවට ප්‍රශ්නය වෙනත් අතකට හැරවීමට උත්සහ කරමින් සිටින බව ද සඳහන් කළේය.



අදහස් (4)

ගුරුවරු 9 වැනිදා ලිප්ටන් වටරවුමට

sharm warn Friday, 05 November 2021 02:41 PM

අතාරින්න එපා... අපි ඔබ සමගයි...

:       2       5

සංජීව Friday, 05 November 2021 03:36 PM

ඔව්... දැන් කොරෝනා මරණ අඩුයි. ආයේ නග්ගලා ගමු. අනේ මගේ කටට එන දේවල් පිටකරගන්න බෑනේ...

:       4       3

sharm warnFriday, 05 November 2021 04:09 PM

මේ අරගලයේ කොතැනකදීවත් කොරෝනා බෝ වුණේවත් නැහැ.. කිසිම කෙනෙකුට.. හැබැයි ආණ්ඩුවෙන් බෝ කරන්න ලොකු ගේම් දුන්නා. වැඩේ වල් වුණාට.. ඒ නිසා බොරු චෝදනා එල්ල නොකර... ඇත්ත ප්‍රශ්නය තියෙන තැන දිහා බලමු... අද එයාලගේ ප්‍රශ්නය ... හෙට අපේ ප්‍රශ්නය වෙන්න පුළුවන්...

:       2       2

Bamunuarachchi Sunday, 07 November 2021 05:53 PM

කොළඹ ඇවිත් හෝගාන පොකුණ බලලා අලි නාවන බේසම බලලා අව්වේ ටිකක් කරවෙලා යන්න. අපි වතුර පොල්කට්ටක්වත් ගහන්නේ නැහැ. ජනාධිපති තුමනී දෙන්නෙපා සතයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site