(රංජන් කස්තරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ - 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විමට කිසිදු සහායක් ලබා නොදෙන බව ගුරු සම්ගම් නායකයෝ පවසති.
සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වන සිසුනට හෙට (26) සිට පාසල්වලට පැමිණ පුහුණවීම් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.
එහෙත් සිසුන් පුහුණුකරවීමට සෞන්දර්ය විෂය උගන්වන ගුරුවරුන් පාසල්වලට නොයෑමට තීන්දුකර ඇතැයි ද ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ කියති.
සිසුන් පුහුණු කිරීම සඳහා පාසල්වලට නොයන බව විභාග කොමසාරිස්වරයාට සහ අධ්‍යාපන ලේකම්වරයාට දැනුම්දුන් බව ද ඔවුහු කියති.
COMMENTS
රාජ කාරියෙන් ඉවත්වීම යනු සේවයට නොපැමිණීමයි. ඒවා වැටුප් රහිත නිවාඩු සේ සලකා , දිගින් දිගටම එසේ වුවහොත් සේවය අතහැර ගියා සේ සැලකීම සුදුසු වේ. ජේ.ආර්. ජනාධිපති තුමා කළේ එයයි. නැතිනම් මේක විකාර රැල්ලක් වෙයි.
ඇමැති වරුන්ට බැරිද ඔය වැඩේ කරන්න...? මොකද ඔක්කොම අයට බයිලා, සින්දු, බල්ටි, නැටුම් දන්නවානේ...
පඩි ගෙවන්න එපා .ඉන්න දෙන්න මාස 6 ක් .පඩි නැතුව
ගුරු සහ විදුහල්පති තුමන්ලා තමන්ගේ මාසික වැටුපත් අනවශ්‍ය බව මේ සමගම දැන්වුවාද? මේ විදිහට සිසුන්ගේ අනාගතය විනාශ කිරීමට ක්‍රියාකරන සංගම්වල ඉන්නේ නම් මස් රාත්තල ඉල්ලපු ශයිලොක්ටත් අන්ත නොමිනිසුන්.
ගුරුවරුනට දොස් කියන්න එපා, මේ වෙලාවෙ සටන අත්හරින්න එපා. මොකද පාලකයන් එවන් යුතුකම් දන්නා අය නොවන බැවිනි.
ගුරුවරුන්ගේ ගැටළුවලට ඉක්මන් පිළිතුරක් නොදුන්නොත් ඉතා භයානක ප්‍රතිඵල ගේන්න ඉඩ තිබෙනවා. එ් නිසා මීට ඉක්මණින් පිළියම් යොදන්න..
දැන් පන්සල් වහලා... වැඩ කරන්නේ නැහැ. උද්ඝෝෂණ වහාම ගුරුවරුන්ට දෙන පඩිය නවත්තන්න ඕනෑ...
තක්කඩි..!!!