
(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කළ බව කියන මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ කණ්ඩායම වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මාවනැල්ල කලාපයේ ගුරුවරුන් අද මහ වැස්සේම මාවනැල්ල පොලිසිය වටලා උද්ඝෝෂණයක නිරතවූහ.
මාවනැල්ල කලාපයේ ගුරුවන් විශාල පිරිසක් ඊට සහභාගි වූහ. මාවනැල්ල නගරයේ ඇති ඔර්ලොස්සු කණුව ඉදිපිටින් ආරම්භ වූ මෙම විරොධතාව පොලිසිය තෙක් ගොස් උද්ඝෝෂණය කළහ.
මේ සඳහා සතියක් ඇතුළත විසදුමක් ලබා දීමට කටයුතු කරන බව පොලිසිය උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරු විතරක් නෙමෙයි, රටක් විදිහට අපි හැමෝම එකතුවෙන දවසට තමයි ලංකාවේ දියුණුව... නැතිනම් දේශපාලකයින්ට කඩේ ගියොත් රටට අබ සරණයි...!