IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුරුවරියගේ කන පැලූ ගුරුවරයා සොයා පරීක්ෂණ


(දයාරත්න ඇඹෝගම)
 
විලච්චිය ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ ගුරුවරියකගේ කනට පහරදී බරපතල තුවාල කර පලාගොස් ඇතැයි  කියන එම ප්‍රදේශයේම පාසලක සේවය කරන ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන  ආරම්භ කර ඇතැයි විලච්චිය පොලිසිය කියයි.
 
ගුරැවරිය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
 
පහර කෑමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ විලච්චිය ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ ගීතා රංගනී පොන්සේකා නැමැති 53 හැවිරිදි ගුරුවරියකි. 
 
විලච්චිය සිද්ධාර්ථ විද්‍යාලයේ පාසල් කිහිපයක් අතර පැවැති ක්‍රීඩාතරගය අතරතුරදී සාලියමාලා පාසලේ ක්‍රීඩා ගුරුවරයෙකු විසින් මෙම ගුරුවරියට පහරදි ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන විලච්චිය පොලිසිය කියයි.
 
තමාට පහර දුන් ගුරුවරයා තමා ක්‍රීඩාපිටියේ සිටිනවාට වැඩි කැමැත්තක් දැක්වූයේ නැති බවත්, ක්‍රීඩාපිටියෙන් ඉවත්වන්නැයි බලපෑම් කළ බවත්, එයට තමන් එකඟ නොවූ නිසා පහර දුන් බවත් ගුරුවරිය පැවසුවාය.
 
සැකකාර ගුරැවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවත්  විලච්චිය පොලිසිය පවසයි.
 



අදහස් (5)

ගුරුවරියගේ කන පැලූ ගුරුවරයා සොයා පරීක්ෂණ

prabha Friday, 01 March 2019 08:58 AM

ඔය චන්ඩියාගේ නම ගම වතගොත කෝ.................

:       3       130

polishpathi Friday, 01 March 2019 09:49 AM

ඔය චණ්ඩියා උස්සල පොළොවේ ගහනවා

:       57       113

Kamal Friday, 01 March 2019 10:36 AM

හදාගන්නනේ ගහන්න ඇත්තේ. අපේ කාලේ නම් පොලිසි ගියේ නැහැ ඕවට...

:       39       45

Sumith Saturday, 02 March 2019 12:16 AM

වැරදිලා ගැහුවද දන්නේ නැහැ...

:       2       0

hemaka Saturday, 02 March 2019 09:40 AM

ලංකාවේ ගුරු වෘත්තියට ගිය කලක්... ඉස්සර දෙවිවරු හා සමාන වූ ගුරුවරු දැන් කොහෙද? 77න් පසු සැබෑ මනුෂ්‍ය ගුණාංග නැති වූ බවටත්, තවදුරටත් නැති වෙන බවත් මෙවන් සිදුවීම්වලින් මනාව පැහැදිලි නොවන්නේද?

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site