(රංජන් කස්තුරි)
ගුරුවරුන්ට මසකට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මාර්ගත ක්‍රමයට ඉගැන්වීම් කරන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල එම 5000 ගෙවන බව ද ලේකම්වරයා කියයි.
(රංජන් කස්තුරි)
ගුරුවරුන්ට මසකට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මාර්ගත ක්‍රමයට ඉගැන්වීම් කරන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල එම 5000 ගෙවන බව ද ලේකම්වරයා කියයි.
COMMENTS
සර් ලට හොඳයි .අපිට මොකුත් නැත්තේ
මෙම වසංගතය තුල සෞඛ්‍ය, ආරක්ෂක අංශ නිසි අයුරින් ක්‍රියාත්මක වුවත් බොහෝ රජයේ අමාත්‍යංශ, දෙපාර්තුමේන්තු, කාර්යාල ක්‍රියාත්මක වුයේ තම සේවකයාට නිසි ලෙස වැටුප් ගෙවීමට පමණි. ගෙවන වැටුපට සේවයක් ලබාගැනීමට කාලෝචිත වැඩ පිළිවෙල සකස් කිරීමක් සිදුනොවීය. වැටුප් ගෙවන්නේ නම් ස්වේච්ඡා සේවයක් පමණක් නොසෑහේ. සේවය නිසි ලෙස නියාමනය කල යුතුය. මේවා නොකළ පලවිපාක ගෙවමින් සිටී. නිසි ලෙස වගකීම් පවර තිබුනේ නම් දින 70කට ලඟා වෙමින් මෙතරම් දීර්ග කාලීන වර්ජනයක් ක්‍රියාත්මක නොවනු ඇත. සමහර ගුරුවරු මාර්ගගත අධ්‍යාපනය නිසා පුළුල් වූ සමාජ මාධ්‍ය දැනුම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිර්ලජ්‍ය ලෙස යොදාගෙන ඇත. දැන් නිදාගත්තා ඇති ක්‍රියාත්මක වන්න, පාලනයක් නැති, විනයක් නැති සේවකයන් සඳහා බුද්ධිමත්ව පාලනයක්, නියාමනයක් ස්ථාපිත කරන්න. නැතහොත් මෙය ඉතා නරක පූර්වාදර්ශයක් වී රජයට කිසිදු රාජ්‍ය ආයතනයක සේවකයන් පාලනය කිරීමට නොහැකිවනු ඇත.
කොහොමටත් ආණ්ඩුව ගැසට් ගහපු එකනේ වැඩිපුරම කෙරුවේ .ගුරුවරු 5000 එපා කියලනේ කියන්නේ?
වසර දෙකකට අසන්න කාලයක් කිසිඳු වාර විභාගයකට මුහුණ නොදුන් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සැබවින්ම කොතැනක ඇත්ද? මෙම දරුවන්ගෙන් කොතෙක් ප්‍රමාණයක් තම ශ්‍රේණියට අදාල දැනුම නොමැතිව ඊළඟ ශ්‍රේණියට රැගෙන යනවාද? සෑම ශ්‍රේණියකටම අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම්කරන වාර විභාගයක් සුදානම්කර පාසල් ආරම්භ වූ වහාම පවත්වා එහි ලකුණු රැස්කර විශ්ලේෂණය කරන්න. අධ්‍යාපන ගැටළු හදුනාගෙන දීප ව්‍යාප්ත සැලසුමක් සාදන්න. ඇති හැකි අය පමණක් මෙම වසංගතය හමුවේ යම් අධ්‍යාපන මට්ටමක් ලබාගත්තද, බහුතර දරුවන්ගේ මට්ටමේ විශාල කඩා වැටීමක් වී ඇත. ප්‍රථමයෙන් අඩු ළමයින් සහිත පාසැල් හැකි ඉක්මනින් ආරම්භ කර ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරකින්න. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් පාසලට කොටස් වශයෙන් කැදවා හෝ එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියාමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. හැකි තරම් පන්ති කාමරයට සමීප ගුරුවරයාට දරුවා අධීක්ෂණය කළහැකි තරමේ සිසුන් සංඛ්‍යාවක් යොදාගනිමින් මාර්ගගත අධ්‍යාපනය ගුණාත්මක අතින් වර්ධනය කරන්න.
ඒකත් පහුගිය කාලෙ ගැසට් වගේ තමා. අපි දැක්කා ඔය ගහපු ලියුම්.
ඕවා ගෙවන්න අච්චු ගහපු සල්ලි තියෙනවා ඕන තරම් දැන්. හැබැයි සංචිත නැති නිසා ඒ සල්ලිවලට කිසිම වටිනාකමක් නැහැ.
මේ ඔක්කොම කරන්නේ පාසල් අරින්න කියලා ,හැමෝම හදන්නේ පිටරට කම්පැනි වලට සල්ලි හොයන්න පාර කපන එක .තීරණ ගන්න හැමෝම 60 පැනපු ලොක්කෝ .එයාලට ගෙවල් වල ඒ ළමයින්ගේ ප්‍රශ්න තේරෙන් නෑ .කෝ කිසිම කතාවක් නෑ පාසල් අරින්න
ගුරුවරු මෙච්චරකල් තමන්ගෙ වියදමින් උගන්නපු එකට කෘතජන විය යුතුයි . පඩිය ලැබෙන්නෙ තම අඹු දරු පෝශනයටයි . මේසන් බාස්ට ඔබ දවසට ගෙවන පඩියෙන් ඔහු සිමෙන්ති වැලි ගඩොල් ගෙනත් ඔබේ ගේ හදන්න කියනව වගෙයි ගුරුවරුන්ට පඩියෙන් , ඩේටා , ලැප්ටොප්,ස්මාර්ට් ෆෝන් , වයිට් බොර්ඩ්, ඒවට මාකර් අරගෙන උගන්නන්න කියන්නෙ. ගුරුවරුන්ට ලොකු පඩියක් දෙනව වගේ . අනික මේ අපේ ගෙවල් වල අපිට නිදහසේ ඉන්න ඔන. අපිට හයියෙන් කතා කරන්න, කිම්බිහුමක් යවන්න, රේඩියෝ එක ටීවී එක , ෆෝන් කෝල් එකක් වත් ගන්න බැරුව බිල්ලො වගේ ඉන්න ඕන ඔන්ලයින් ක්ලාස් එක ඉවර වෙනකන්. නිවස ඉගැන්වීම සඳහා පාසලක් නොවේ. ගුරුවරු ගෙදර ඉඳන් පඩි ගන්නෙ ඉස්කොල වහපු නිසයි . රජයේ හැම කන්තොරුවකම මේ කාලෙ ගෙදර ඉඳන් තමයි පඩි ගන්නෙ. සතියට දවස් දෙකක් යන එව්නුත් නිකන් පඩි ගන්නෙ. ඇයි මහජනයා එන්නෙ නෑනේ වැඩ කරගන්න. ඉතින් ගුරුවරුන් විතරක් පඩි ගන්න එක - හිඟන පඩිය - ඉස්කොල වහපු නිසා - ගෙදර ඉඳන් පඩි ගැනීමක් නොවේ .
ගුරුවරුන්ටනම් 5000 ක් හරි ලැබුනා .සංචාරක අපි මාස ගණනක ඉඳලා 5000 ක් දැක්කේ නෑ
ගුරාලා ඉගැන්වීම් පටන්ගන්නතුරු සතයක් දෙන්න එපා