IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ගුරුවරුන්ගෙන්-විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

(මුදිතා දයානන්ද)
 
අතුරු වැටුප් චක‍්‍රලේඛය නොවැම්බර් 5 වෙනිදාට පෙර නිකුත් නොකළහොත් 8 වෙනිදාට ගුරුවරු සහ විදුහල්පතිවරු එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව ගුරු විදුහල්පති සංගම් එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස වසර 22ක් තිස්සේ ඉල්ලා සිටියද මෙතෙක් එය විසඳී නැතැයිද, ඒ සම්බන්ධයෙන් රජයට බලකරමින් පසුගිය මාර්තු මාසයේ හා සැප්තැම්බර් මාසයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට එළැඹුණු බවද, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං සහ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
මෙම ප‍්‍රශ්නය විසඳීම සඳහා ගුරු සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට ගත් කැබිනට් තීන්දුව ක‍්‍රියාත්මක වනතුරු අතුරු වැටුපක් ලබාදීමට තීන්දු කළද මෙතෙක් ඊට අදාළ චක‍්‍රලේඛය නිකුත් කර නැති බවද එම නිවේදනයේ දැක්වේ. තීන්දුව ගෙන මාසයකට ආසන්න කාලයක් ගතව ඇතත් දිනෙන් දින මෙම චක‍්‍රලේඛය නිකුත් කිරීම ප‍්‍රමාද වෙමින් පවතින බවද නොවැම්බර් 5 වැනිදාට පෙර එය නිකුත් නොකරන්නේ නම් රට පුරා එක්දින වැඩවර්ජනයකට යාමට තමන් සූදානම් බවද නිවේදනයෙහි සඳහන් වේ.
 
ලංකා ගුරු සංමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ගුරු විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, ලංකා පිරිවෙන් ගුරු සංගමය ඇතුලූ ගුරු විදුහල්පති සංගම් 29ක් මෙම වැඩවර්ජනයට සම්බන්ධ වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (8)

ගුරුවරුන්ගෙන්-විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

හංසිකා කුමාරි ජයවර්ධන Friday, 01 November 2019 06:52 AM

අනේ ඇදුරුතුමනි වර්ජනය කරන්න එපා. අපේ OL විභාගෙට තව මාසයයි. අපේ තාත්තා අම්මා කුලී වැඩ කරන්නෙ. දවසෙ වියදම අමාරුවෙන් හොයා ගන්නේ. සර්ලට ගොඩක් පඩි හම්බවෙලත් ස්ට්‍රයික් කරනවනේ පඩි මදි කියලා. අම්මා තාත්තා දවසක් ස්ට්‍රයික් කළොත් අපි බඩගින්නේ.

:       34       117

KamalFriday, 01 November 2019 08:30 AM

කරන වර්ජනයක් දැම්ම කරන්න තව දවස් කීපයනේ... ඊට පස්සේ ඉතින් දන්නවනේ වර්ජනය කළොත් වෙඩි තමයි.

:       9       162

WasudewaFriday, 01 November 2019 10:18 AM

ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ පඩි යහපාලනයෙන් දෙගුණයක් විතර වැඩි කළා. තව සත පහක්වත් වැඩිකරන්න එපා. බැරිවෙලාවත් අර කට්ටිය ආවොත් දන්නවනේ. වර්ජනය කළොත් වෙඩි තමයි. හොදට මතක තියාගන්න. යහපාලනය දෝරේ ගියා වැඩියි.

:       106       152

දුප්පතාFriday, 01 November 2019 01:15 PM

දෙමව්පියන් ඔච්චර දුප්පත් නම් ඔය දුවට සල්ලි කොහෙන්ද ඉන්ටර්නෙට් යන්න...

:       0       13

saliya Friday, 01 November 2019 07:19 AM

දුර දිග හිතලා රජය සාධාරණයක් කරලා දෙන්න. ඒගොල්ලන්ට දැන්ම මේක විසඳා ගන්න එක ඇඟට ගුණයි. ගුරුවරු ඡන්දෙන් පස්සේ වර්ජනය කරලා අමාරුවේ වැටේවි.

:       6       24

lalithm Friday, 01 November 2019 10:33 AM

මේ හැම දෙයක් පිටිපස්සේම ජරාජීර්ණ වූ දේශපාලනය බලාත්මක වෙනවා. මැතිවරණයක් අස්සේ මේ වගේ වැඩක් කරන්න තරම් ගුරු මෑණිවරු පියවරු දීන වුනේ කාගේ බලපැමකටද?

:       27       79

Prabha Friday, 01 November 2019 01:40 PM

මේ කරන්නේ බොරදියේ මාළු බෑමක්. දැන් ඉතින් ජනාධිපති අපේක්ෂකයෝ දේවී කප්පරක් පොරොන්දු....

:       0       1

ශයාමලී උඩුමලගල Monday, 19 April 2021 10:25 AM

අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය පිළිබඳව සොයා බලන්න.ඔබ ගේ සේවය අගය කොට සලකමි.මා දරුවන් තිදෙනෙකුගේ මවක්.පෙරදිග සංගීත ගුරුවරියක් ලෙස ගා/ග්රාමණි ම.වි. යේ සේවයේ යෙදී සිටියෙමි.දැන් රැකියාව නැත. මාහට එය ලබා ගැනීමට උදව් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 818 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 936 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site