ලොව ප්‍රධාන පෙළේ බුද්ධි සේවාවන්ට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා බුද්ධි සේවාවන් ගොඩනගමින් සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කරනු ලැබූ ගෞරවණීය අතීතය අප දෑස් ඉදිරිපිටදීම අගෞරවයට පාත්‍රවීම හරහා අප තුළ මතු වී ඇත්තේ කම්පනයක්යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එහි මෙසේද සඳහන් වේ.
ලොවපුරා කිතුණු බැතිමතුන්ට අතිශය සංවේදී දිනයක් වන පාස්කු ඉරිදාවේ ශ්‍රී ලංකාව තුළ සිදුවූ ත්‍රස්ත ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීම සහ හෙළාදැකීම ශිෂ්ටසම්පන්න සමාජයක මූලික වගකීමක් වේ. එම බියගුලු, ම්ලේච්ඡ ප්‍රහාර ඒවාට උරුම වූ පිළිකුලෙන් යුතුව අප විසින් බැහැර කළයුතු වේ.
මෙම අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවෙන් ජීවිත අහිමිවූ සියලු දෙනා වෙත මම මාගේ සාතිශය කනගාටුව ප්‍රකාශ කරන්නෙමි. එමෙන්ම, එම ප්‍රහාරයන්ගෙන් ඔත්පලව ප්‍රතිකාර ගනුලබන සියලු දෙස් විදෙස් පුරවැසියන්ට කඩිනම් සුවය ලැබේවා යන්න සමස්ත දේශයේම පොදු ප්‍රාර්ථනාව වියයුතු බව ද යෝජනා කරන්නෙමි. විනාශ කරනු ලැබූ දේවස්ථාන සහ දේපළ කඩිනමින් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය වගකීම පිළිබඳව ද මේ මොහොතේ අවධාරණය කළයුතු වේ.
තිස් වසරක කුරිරු යුද්ධයක් අවසන් කොට නිදහසේ හුස්මගත් ශ්‍රී ලාංකේය ජනතාවගේ හෘදස්පන්දනය මොහොතකට අත්හිටුවනු ලැබූ එම කුරිරු ප්‍රහාරය ශීලාචාර සමාජය නැවතත්, නැවත නැවතත් සනාථ කරනු ලබන්නේ කුමන මුහුණුවරකින් හෝ දියත් කරනු ලබන ත්‍රස්තවාදයට සිත්පිත් නැති බව පමණි.
ලොව ප්‍රධාන පෙළේ බුද්ධි සේවාවන්ට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා බුද්ධි සේවාවන් ගොඩනගමින් සිහළ, දමිළ, මුස්ලිම් ප්‍රධාන සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කරනු ලැබූ ගෞරවනීය අතීතය, අප දෑස් ඉදිරිපිටදීම අගෞරවයට පාත්‍රවීම හරහා අප තුළ මතුව ඇත්තේ කම්පනයකි. කනගාටුවකි. වේදනාවකි. එහෙත්, එකී කනගාටුව හා වේදනාව අයෝමය ලෙස ධෛර්යයකට පරිවර්තනය කරගත යුතු මොහොතකි මේ එළඹ තිබෙන්නේ.
සියලු ජාතීන්ට, සියලු ආගමික ලබ්ධිකයන්ට තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගනිමින් සුරක්ෂිතව ජීවත් වියහැකි ආදරණීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ගැනීම අද දවසේ අත්හැරිය නොහැකි අප ප්‍රමුඛ වගකීම වියයුතු වේ. කුමන බාධා පැමිණිය ද ඒ උතුම් අරමුණ වෙනුවෙන් ඒකාත්මිකවීම මවුබිමට එරෙහි ඕනෑම බලවේගයක් පරාජය කළහැකි පහසුම මග බව මා අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කොටගෙන ඇත. මව්බිමට විෂකුරු වූ සියලු බලවේග දමනය කිරීම සඳහා යෝධ බලය හා ශක්තිය නිර්මාණය වනුයේ එමගිනි.
රටම කම්පනයට පත්ව ඇති මේ මොහොතේ අපි අපගේ ආත්ම විශ්වාසය සියල්ලටම ඉහළින් තිබෙන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වමු. ආගමික නායකත්වය, දේශපාලන නායකත්වය සහ සමාජ නායකත්වය, ශ්‍රී ලාංකීය පුරවැසි සමාජයට මේ මොහොතේ ලබාදිය යුතු පරමාදර්ශය එයයි. අපි ජාතික ධජය සෙවණේ එක්සත්ව, එක්සිත්ව මවුබිම වෙනුවෙන් නැගී සිටිමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැනසූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැල ගැන ජනාධිපති දැනගෙන සිට ඇති බවත් ඔහු එය වැළැක්වීමට ක්‍රියා කරනවා වෙනුවට ඊට ඉඩ දී රටින් පැනගොස් තමා පමණක් ආරක්ෂා වී ඇති බවත් මේ වන විට තහවුරු වී තිබේ.
ගරු උතුමාණනි නැවත මේ රට බේරාගෙන, මේ දේශ ද්‍රෝහී පාලකයන් පලවා හරින්න, මෙවන් විපතක් නැවත වෙන්න ඉඩ තියන්න එපා.... තෙරුවන් සරණයි
ලොව ප්‍රධාන පෙළේ බුද්ධි සේවාවන්ට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා බුද්ධි සේවාවන් ගොඩනගමින් සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කරනු ලැබූ ගෞරවනීය අතීතය, අප දෑස් ඉදිරිපිටදීම අගෞරවයට පාත්‍රවීම හරහා අප තුළ මතුව ඇත්තේ කම්පනයකි.
මෙතුමා ආරක්ෂක ලේකම් ව ඉන්න කාලේ රටේ ජාතික ආරක්ෂාව ඉහළින් තිබුනා. එහෙම ගොඩ නගපු තත්වය මේ විදියට කඩා වැටීම ගැන වේදනාවක් අපි කාටත් තියනවා. මම අහගෙන වර්තමාන ආරක්ෂක ලේකම් වරයා විදේශික මාධ්‍යවේදීන්ට කියනවා මේ ප්‍රහාරය ගැන කලින් දැනුවත් වෙලා හිටියත් ඒගොල්ලෝ හිතුවේ පොඩි ප්‍රමාණයේ තනි තනි සිද්ධි කීපයක් වෙයි කියලලු. මේ තරම් ලොකු විනාශයක් බලොරොත්තු වුනේ නැහැලු. විලි ලජ්ජා නැති මේ වගේ අය වෙනුවට කොන්ද පණ ඇති කෙනෙක් මේ තනතුරු වල ඉන්න ඕන බව දැන්වත් තේරුම් නොගත්තොත් අපි අමාරුවේ.
දැන් ඉතින් ඔබ තුමාගේ සරණ තමා....
ඔබ වැනි අයෙකු ආරක්ෂාක ලේකමිව සිටියා නමි මෙවන් විපතක් සිදු නොවන බව ජනතාවගේ විශ්වාසයයි..
මන් හිතන්නේ වටිනා දෙයක්, එහෙම නැත්තම් ලබා ගත් ජයග්‍රහණයක් ඒ වගේම අභිමානයක් රැක ගත නොහැකි ලොව එකම ජාතිය අපිද කොහෙද? දැඩි ලෙස දේශපාලනික වශයෙන් බෙදී සිටීම නිසා අප ලග ඇති අනතුරක් වත් අපට දැන් නොපෙනෙන තත්වයක් උදාවී ඇති සෙයක් පෙනේ. මොන දේ වුනත් සිනා සිසි කැමරා ඉදිරි පිටට වී අපිව මෝඩයට අන්දන පිරිසක් නම් අප අභිමානවත් ලෙස බෙදී වෙන්වී රැක ගනිමින් සිටි.
සහතික ඇත්ත
මැතිතුමනි, මෙවන් විපත් විසින් බල කර සිටින්නේ වෙන කිසිවක් නොව රටේ නායකත්වයට ඔබතුමාගේ සම්ප්‍රාප්තියයි. ඔබ හැර අන් සරණක් රටට නැති බව පාස්කු ඉරිදා ඛේදවාචකය මොනවට ඔප්පු කොට හමාරය. රටට ද්‍රෝහීන් කුමක් කීවත් රටට ආදරේ සියලු දෙනාම ජාති ආගම බේද වලින් තොරව ඔබතුම පිලිබඳ බලාපොරොත්තු දල්වා සිටි.
දිනේෂ්, ඔබගේ අදහස අද බහුතර අයගේ පිලිගැනීමයි..
රුසියානු කියමනක් තියනවා 'පියවරක් ඉදිරියට දෙකක් පසුපසට නැවත වේගයෙන් ඉදිරියට' ඔබතුමා මේක ක්‍රියාවෙන් ඔප්පු කරපු කෙනක්. ඉදිරියටත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා .
බුද්ධි සේවාව නැති කර දැම්ම දේශපාලකයින් වහාම ඉල්ලා අස්වෙන්න. රටට විධිමත් නායකයෙක් අවශ්‍ය නිසා නායකයන් ඉල්ලා අස්වී මැතිවරණයක් පවත්වනු.
මේක බලපු ගානට වඩා වැඩී ඩිස්ලයික් ගාන. මේ ආණ්ඩුවේ අය කරන්නෙ දන්නෙ ඔය වගෙ මෝඩ වැඩ විතරයි.
මේ සිදුවීම් පිටුපස තොරතුරු බලද්දි පෙනෙන දෙයක් තමා කොච්චර බුද්ධි අංශ මර්ධනය කර මේ ආණ්ඩුව ඔව්න් අක්‍රිය කර තිබුනද තවදුරටත් විශිෂ්ඨ සේවාවක් සැපයීමට ඔව්න් ක්‍රියා කරනවා. නමුත් සිරගතවීම, දඩුවම් කිරීම නිසා සොයාගත් තොරතුරු වලට ක්‍රියාත්මක වීමට ඔව්න් බියවී ඇත. එමෙන්ම ආණ්ඩුවේ නායකයන්ට රටේ ආරක්ශාව සම්බන්ධයෙන් කිසිම හැගිමක් නැහැ. අගමැති, ජනපති ඇමතිවරුන් කියන ප්‍රකාශ හරිම ප්‍රාථමිකයි..
ඔබතුමාගේ තරම ත්‍රස්තවාදීන් හොදින් දන්නා නිසා, අන් කවරෙකුටත් වඩා ඔබතුමා තමන්ගේ ආරක්ෂාව ගැන වඩා සැලකිලිමත් විය යුතුය.
ඔය එන්නේ, බොරවුණු වතුරේ තියන දේ හොයන්න.
ඔබතුමා හොද ආරක්ෂක වැඩ පිළිවෙලක් කළා, ඔබතුමා LTTE බෝම්බෙන් බේරුන වෙලාවේ මා හදවතින්ම සන්තෝස වුනා, දීර්ගායු පැතුවා.. කාලයත් එක්ක ඔබතුමා දේශපාලනීකරණය වුනා
මේ දේශපාලනය කලවම් කරගන්න එපා.
සමස්ත ජාතියක් ලෙස මේ සිදු වුනු විපත අපට දරාගන්න අපහසුයි. කුමන ආගමක වුනත් මේ අපේම මිනිස්සු. මේ සිදුවීමට වගකිව යුත්තේ අදාල ත්‍රස්තවාදී කණ්ඩායම් පමණක් කියා මා නම් නොසිතමි. වගකිව යුත්තන් ලෙස ඇයි ඔබලාට බැරි වුනේ පුංචි අනතුරු ඇගවිමක් කුමන මාධ්‍යයක් මගින් හෝ ජනතාවට දැනුම් දෙන්න? ප්‍රභුන් පමනිද ආරක්ෂා කල යුතු වන්නේ? වර්තමාන ආරක්ෂක ලේකම්තුමා විදෙස් මාධ්‍යකට දැක්වු අදහස් ඉතාමත් අශෝබනයි. කිසිම වගකීමක් නැතිව කතා කලේ. මේ රටේ සියලු මිනිසුන්, සියලු දේපල රටේ සම්පත්. මේ රටේ මිනිසුන්ට, ස්ථානයන්ට ආරක්ෂාව සපයන්න බැරි නම් ඒ වගේ ආරක්ෂක ලේකම්ලා ඉදීමෙන් පලක් නෑ නේද? ඒ ප්‍රකාශයෙන් අපට වගේම විදේශිකයින්ට කුමන අදහසක් අපේ රට ගැන ඇති වෙන්න ඇතිද? මහජනයා ලෙස අප රටේ පාලකයන් ගැන ඉතාමත් ලැජ්ජාවටත්, කලකිරීමටත් පත් වෙනවා. බුද්ධි අංශ වල වරදක් නෑ. වරද තියෙන්නේ සියලු පාලකයින්ගේ. බුද්ධි අංශ දීපු තොරතුරු ගැන. අවදානය යොමු නොකිරීම, ඊට අදාලව නිසි ක්‍රියා මාර්ග නොගැනීම නිසා අන්තිමට වන්දි ගෙව්වේ අසරණ මිනිස්සු. සියලු ප්‍රබුන් අරක්ෂිතයි.
"ඉතා වැදගත්" ගෝඨාබය රාජපක්ෂ මහතා වෙත, ඔබගේ දීර්ග නිවාඩුව අවලංගු කොට ඇත. වහාම සේවයට වාර්තා කරන්න. අණ පරිදි බහුතර ශ්‍රී ලංකික ජනතාව
බුද්ධි සේවාවන් මේ බෝම්බ පිපිරීම දැන දැනත් වසන් කෙරුවේ කාගේ උවමනාවටද කියල දන්නෝ දනිති. රට අස්ථාවර කරන්න මාන බලන කට්ටිය ගැන අපිනම් දන්නවා. අනික බුද්ධි අංශ දැන දැන ඒ බව ආරක්ෂා අංශ වෙත නොදන්නුවේ ඇයි?හිරේ නෙමේ දන්නා ඕනි. රට පාවා දෙන බුද්ධි අංශ. රට අස්ථාවර කරන අනික් අයව බලයට ගෙන්න
ඔබතුමා ගැන ඔප්පු නොකළ චෝදනා තිබුනත් වත්මන් පාලකයන් කල මේ වරදට පාඩමක් වන්නේ ඔබට බලය දීමම පමණයි
සහතික ඇත්ත.
සිංහල අපගේ රටයි කියන්නට පවා ඉඩ නොදුන් යහපාලන රජය වපුරපු අස්වැන්න තමයි මේ නෙලා ගන්නේ. අපි කොතරම් කනගාටු වුවත් මේ සිදුවීම් ගැන කල හැකි දෙයක් නොමැත. මේ ත්‍රස්තවාදීන් ගැන විමර්ශනය 2017 දී පාර්ලිමේතුවේදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විමසා තිබුනා. පාලකයෝ ඡන්ද හිගන්නෝ නිසා නිසි අයුරින් එවා ගැන විමර්ශනය කලේ නැති බව දැන් පෙනෙන්නට ඇත. අපේ ආරක්ෂාව අපිම බලා ගමු. පාලකයෝ ඒ අයගේ ආරක්ෂාව බලා ගනීවී.
හොටෙල් වලට එන අය, ගෙවල් කුලියට ගන්න එන අය පිලිබඳ විස්තර පොලිසියට යන සිස්ටම් එකක් හදන්න ඕන, මේ වගේ දේවල් විතරක් නෙමේ, අනෙකුත් අපරදත් අඩු කරගන්න පුළුවන්, ඩුබායි වල ගෙස්ට් කෙනෙක් හොටෙල් එකට චෙකින්ග් වුන ගමන් ඔහුගේ හැදුනුම් පත පොලිසියට යවන්න ඕන, ඔහු එම රටේ අපරාදකාරයෙක්නම් පොලිසිය කෙලින්ම ඇවිල්ල අල්ල ගන්නවා .
අපේ රටේ හිටපු බුද්ධි අංශයේ බාගයක් ඉන්නේ හිරේ. ඒ ඔවුන් රට ජාතිය බේරා ගන්න කල වැඩ කොටස නිසා. මේ හේතුව නිසාම බුද්ධි අංශයක් තිබුනා හෝ නැතා හෝ කිසිවෙක් සක්‍රීයව දායක වෙන්නේ නැහැ රට වෙනුවෙන් වැඩ කරලා කවදා හෝ හිරේ තපින්න වෙයි කියලා. ඩයස්පෝරාව සතුටු කරන්න බුද්ධි අංශය බින්දුවට බස්සපු දේශපාලකයෝ වහාම ඉල්ලා අස්වන්න.
පාලකයන් සුළුජාතික ඡන්ද හිගමනේ යාම වැළැක්වීම බහුතර සිංහලයාගේ යුතුකම වේ. එවිට මේවගේ ව්‍යසන, හා විල්පත්තුව බේරෙනු ඇත .
ඍජුවම හෝ වක්‍රව කිසියම් කෙනෙක් ජාතික බුද්ධි සේවාවන්ට මෙහි වරද පටවනවානම් ඔහු කරන්නේ පටු දේශපාලන වාසි ලබා ගැනීමේ හිරිකිත උත්සහයක්. අපේ රටේ ජාතික බුද්ධි සේවාවන් ඉතාමත් විශිෂ්ට අයුරින් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ මාසේ මුලදීම නම්ගම් ඇතුවම ප්‍රහාරයේ තොරතුරු හෙළිදරව්වී තියෙන්නේ. අවාසනාවට දේශපාලකයින් විසින් එම වාර්තා නොසලකා හැරීම නිසයි මෙවන් ව්‍යාසනයක් ඇතිවුනේ. බොර දියේ මාළු බාන්න දඟලන කපටි දේශපාලකින්, කපටි දේශපාලකින්ට මාළු බාන්න දිය බොරකර දුන් තිරිසන් දේශපාලකින්, වලක්වාගත හැකිව තිබු මේ මහා ව්‍යාසනයට අංශු මාත්‍රයකින් හෝ සම්බන්ද සියලුම අමනුස්ස දේශපාලකින් එක මිටට ප්‍රතික්ෂේප කලයුතුයි. මේ දුෂ්ඨ පාලකින් ජනතාව ගැන හිතන මිනිස්සු නොවෙයි.
ඕක බමුණුආරච්චි මහත්තයා කොච්චර නම් කිව්වද විපුල ..?ඒත් අපේ කට්ටිය පුළුවන් තරම් ඒ මනුස්සයට බැනපු එක විතරයි
පුම්බන්නේ මොකද මේ වෙලාවේ? කවුරුන්ද මේ කෙනා ගණන්ගන්නේ? මේ අය කරපුවායැ ප්‍රතිඵල තමයි ඔය ලැබිලා තිබෙන්නේ...
මැතිතුමනි, කරුණාකර මේ රටට නායකත්වයක් දෙන්න.
දැන් ආරක්ෂක ලේකම් ඉන්නේ.., තමන්ගේ ආරක්ෂාව තමන් සලසාගන්න කියන නායකයින් එක්කනේ... මොකද මෙයා යුද්ධය කරපු කෙනෙක් නොවේ. ලැජ්ජා නැතිව කියනවා මෙච්චර විපතක් වෙයි කියලා හිතුවේ නැතිලු. විදේශමාධ්‍යවේදීන්ට විතරක් නොවේ. මගේ 7 වසරේ කොල්ලටත් හිනා. එයා හිතන්නේ 225ක් විතරයි මේ රටේ ඉන්න ඕනේ කියලා. මොකද එයාලගේ බත් බැලයින්නේ... අද පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ මහතා කවුද වැරදි කාරයින් කියලා නියමෙට කියන්නේ... එතුමා කියන ඒ තම්බියි මේ රටේ ලොක්කයි තමයි මේවාට වගකියන්න ඕනේ... ඊළඟ ඡන්දේදී හමුවෙමු...
මේ රට නැවත ගොඩනගන්න ඔබට බාරදෙන දවස වැඩි ඈතක නැහැ.
වනචාරීන් ලෙස හංවඩු ගහගන්න ඕනේ වගේ.
ලකුණු ගැනීමේ උත්සාහය. ජනපති සිහිනය හොඳයි. ලකුණු ගැනීමේ ක්‍රමය අප්සෙට් නේද? අයිය මහින්ද විපක්ෂ නායක මේ මරාගෙන මැරෙන බෝම්බ ගැන දැනගෙන නොකීවේ මොකද?
මොහුට වඩා දක්ෂ අය සිටිති. එහෙත් රජයට එය කළ නොහැක්කේ ඩීල්කරුවන් එහි පිටුපස සිටින බැවිනි. මත්කුඩු ව්‍යාපාර සම්බන්ධ මුස්ලිම්වරුන් සමග සම්බන්ධකම් සහ නඩුපිට නඩු කල් දමාගන්න අයගෙන් අපට අබසරණයි...
මේ පෝස්ට් එක බලලා තියෙන්නේ 9606යි. ඒ වුණාට දිනේෂ් මහතාගේ පෝස්ට් එකට අන්ලයික් 27000 කට වැඩියි. එ්කෙන්ම පේනවා ගෝඨාභයට බය වෙච්ච සෙට් එක..
බොර දියේ මාළු නොබා වගකීමක් ඇතිව කතාකරන්න.
අපි නොදන්නා ගෞරවණිය අතීතය! එදා නොහිටපු හැමෝම අද අපිත් එක්ක ඉන්න එකෙන්ම ඒ අතීතයේ කෙරුවාව පේනවා.