(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් අද (26) වවුනියාවේ ස්ථාන දෙකකදී විරෝධතා සංවිධානය කර තිබුණි.
වවුනියාව නගරයේ පැරණි බස් නැවතුම්පළ සහ සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේ පැවති මෙම විරෝධතා ප්‍රදේශයේ තරුණ සංවිධන හා සිවිල් සංවිධාන සංවිධානය කර තිබුණි.
වවුනියාව පැරණි බස් නැවතුම්පළ ඉදිරිපිට පැවති විරෝධතාවය වවුනියාවේ තරුණ සංගමය විසින් සංවිධානය කර තිබූ අතර ඒ වෙනුවෙන් සහභාගී වූ පිරිස කියා සිටියේ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය කඩ කළ අයව වෙනුවෙන් වහාම පොලිස් පරීක්ෂණයක් කළ යුතු බවත් දෙමළ ජනතාවගේ සංස්කෘතියට හානි කළ පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවත්ය.
ඔවුහු විරෝධතාවය අවසානයේ පෝස්ටර් ගිනි තැබීමටද පියවර ගත්හ.
එමෙන්ම සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේද ප්‍රදේශයේ සිවිල් සංවිධාන ඇතුලු වැසියන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කරමින් කියා සිටියේ හින්දු සංස්කෘතියට අගෞරව වන අයුරින් කටයුතු කළ සියලු දෙනා නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවය. මහෙස්ත්‍රාත් නියෝගය කඩ කරමින් ආදාහන පූජෝත්සවය විහාරභූමියේම සිදුකිරීමට අනුබල දුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසද නීතියේ ඉදිරියට රැගෙන ආ යුතු බවද ඔවුහු කීහ.





COMMENTS
ජාතිවාදී යුද්ධය නොමැතිවීමෙන් දැඩිලෙස පිඩා විඳින මෙම "සිවිල් සංවිධාන" නැවත රට ජාතිවාදී යුද්ධයකට තල්ලුකර තම මඩිය විදේශ මුදල්වලින් පුරවා ගැනීමට දරන උත්සාහයට නොරැවටීමට බහුතර ජනතාව බුද්ධිමත් විය යුතුය.
අපිට ඉන්නේ අපේ හාමුදුරුවෝ.
මහේස්ත්‍රාත් තීන්දුව කැඩුවා නම් ඒක උසාවිය බලා ගනීවි. මේ දෙමල්ලු කාට රිද්දන්නද විරෝධතා කරන්නේ? ආගමික කටයුතු සිද්දවෙන්නේ ආගමික සම්ප්‍රදායවල්වලට අනුව ඒවා නවත්වන්න රෝම, ලන්දේසී නීතියට බැහැ කියලයි අපේ හැඟීම. මිනිසුන් අතර ගැටුම්කාරී තත්වයන් ඇතිවෙවි කියලා සම්ප්‍රදායවල් කඩන්න බැහැ. කොටහෙනෙත් තිබෙනවා පැරණි බෞද්ධ පිළිම තිබෙන තැනක අටවාගත් කෝවිලක් තිබෙනවා. ඔය පුච්චන්නේ මොනවාද?
හලෝ අනුෂ, එක පැත්තක් විතරක් බලන්න එපා. අධිකරණයට බාධා කිරීම නිසා අවුරුදු හයක් බරපතල වැඩ සහිත දඬුවම් නියම වෙලා ජනපති සමාවෙන් නිදහස් වී නැවතත් කුපාඩි වැඩ කරන කොට කවුද ඉවසන්නේ?
දැන් ඉතින් කන වෙලාව. සිංහලයිනි දුවන්න ලෑස්තිවෙන්න.
මහේස්ත්‍රාත් නියෝගය කඩ කළානම් ඒ ගැන සොයා බැලිය යුත්තේ උසාවියයි. මේ දෙමල්ලු මොන කෙන්ගෙඩියකට බෝඩ් උස්සාගෙන පාරේ දඟලනවාද? අවුරුදු දහස් ගණනක් පැරණි ආගමික සම්ප්‍රදායවල් කඩන්න ඊයේ පෙරේදා මෙරටට බලෙන් ඔබපු රෝම, ලන්දේසි නීතියට ඉඩ දෙන්න බැහැ කියන එකයි බෞද්ධ අපේ විශ්වාසය. රටක නීති හැදෙන්න ඕනේ රටේ පවතින සංස්කෘතියත් සලකා බලාමිස තවත් ආගමිකයින්ට අපහසුතාවයක් ඇතිවෙයි කියා සිතා නොව ඒ මෙරට බෞද්ධ රටක් නිසාය. මුස්ලිම් අය හෙල්මට් එකක් නොදාන්නේ ඒ ආගම අනුව ආගමික තොප්පිය හැර වෙන තොප්පියක් දාගැනීම ප්‍රතික්ෂේප කරන නිසා. ඒ අය වැඩිපුර ඉන්න ප්‍රදේශවල ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති බව මාධ්‍යවලින් දැක තිබෙනවා. එසේ නම් මේ බෞද්ධ රටේ බෞද්ධ සංස්කෘතිය ක්‍රියාත්මක කරන්න 75%ක් සිටින බෞද්ධ ජනතාවට බැරිද?
කෝ රතන හාමුදුරුවන්ට පෙන්නේ නැද්ද මේවා ?