රොමේෂ් මධුෂංඛ
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් අද (10) වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදී.
පසුගිය මැයි 6 වැනිදා මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා විසින් ලබා දුන් නියෝගය වූ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි නීරාවි පිල්ලයාර් කොවිලේ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් එය රටේ පවත්නා නීතිරීති වලට අනුව සාමය කඩනොවන අයුරින් සිදු කරන ලෙසටත් යනුවෙනි.
පසුව අදාළ නියෝගය මගින් පන්සල් භූමියට දැඩි අසාධාරණයක් සිදු වන බවටත් පන්සල තුළ ඇත්තේ කෝවිලක් නොව දේවාලයක් පමණක් බැවින් ගුරුකන්ද විහාරයට සාධාරණයක් ඉල්ලා එම පාර්ශවය විසින් වවුනියාව මහාධිකරණයේ දී පෙත්සමක් ගොනු කරන ලදී.
ඒ අනුව අද (10) දිනයේ දී වවුනියාව මහාධිකරණයේදී නඩු අංක එච්.සී.වී. / ආර්.ඒ.වී./ 318/19 නඩුව විභාගයට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවමින් නියෝග කොට සිටියේ මහාධිකරණයේ නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම අවසන් වන තුරුම පන්සලේ හෝ කෝවිලේ කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවටත් දැනට සංවර්ධනය කර ඇති තත්වයන් ඒ අයුරින්ම තැබිය යුතු වන අතර ඕනෑම පාර්ශවයක සිය ආගමික වතාවත්වල නිරත වීමට හැකි බවත්ය.
අනතුරුව නඩුව අගෝස්තු මස 26 වැනිදා දක්වා කල් දැමීමට ද වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා නියෝග කළේය.
අද දින මහාධිකරණයේ පැවති නඩු වාරය වෙනුවෙන් පළමු පාර්ශවයේ වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවිල මහතා සහ එතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, හරීන්ද්‍ර රාජපක්ෂ යන අයද දෙවැනි පාර්ශවයේ වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගුරුකන්ද කෝවිල ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි
සේන Wednesday, 10 July 2019 12:01 PM
මේ තමයි ආක්‍රමණය...! සිංහල බෞද්ධයා ගිරයට අහුවෙලා වගේ. දෙපැත්තෙන්ම අන්තවාදී ආක්‍රමණ. ගැමුණු රජකෙනෙක් ඕනෑ අපට. නිවටයන් නම් එපා පාලනයට...
shan Wednesday, 10 July 2019 12:20 PM
ගුරුකන්ද විහාරයේ පවතින ගැටලුව සංස්කෘතික ඇමතිවරයා, බුද්ධසාසන ඇමතිවරයා සහ අගමැති, ජනපති යන අය විසින් නිරාකරණය කල යුතුයි.
Ariyathilaka Wednesday, 10 July 2019 12:32 PM
කතරගම මහ දේවාලය ලෙස අද හඳුන්වන්නේ එදා සොළීන් විසින් හින්දු කෝවිලක් බවට පත් කරන ලද ආසනඝරය බව කිව යුතුයි. දුටුගැමුණු ගැමුණු මහරජු විසින් එකී කතරගම දේවාලය සෑදුවේ යැයි මතයක් ඇත. එය ජනප්‍රවාදයක් මිස එය සනාථ කිරීමට වංශ කතා හෝ පුරාවිද්‍යා සාධක ආදී මූලාශ්‍ර කිසිවක් නැත. කතරගම බෝධි පරිශ්‍රයට ඇතුල් වන දොරටුවේ පොළොන්නරු යුගයට අයත් සඳකඩ පහනකි. දේවාලය ලෙස පවත්වන ගෘහය තුළද සඳකඩ පහනකි. මෙය ක්‍රිස්තුපූර්ව යුගයට අයත්ය. පුරාවිද්‍යාත්මක තහවුරු කළ කරුණ වන්නේ සඳකඩ පහන් බෞද්ධ විහාරාරාම වල හැර වෙනත් කිසිඳු ආගමික ස්ථාන වල සදකඩ පහන් නොපිහිටුවන වන බවය. පුදුමය නම් වත්මනෙහි විහාරස්ථානවල දේවාල කෝවිල් සාදාගෙන කරන්නේ බුදුරදුන්ගේ නිර්මල ශාසන ධර්මය යට කිරීමය. කල්යත්ම විහාරස්ථානවලද හින්දූන් අයිතිවාසිකම් කීමට ද බැරි නැත...
NuwanWednesday, 10 July 2019 01:57 PM
මහා පිරුවානා පොත්වහන්සේගේ එන නම්පොත හෙවත් විහාර අස්නේ ලියලා තියෙන්නේ එදා සිට අද දක්වා ලංකාවේ තියන සියලුම බෞද්ධ සිද්ධස්ථාන අද වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අන්‍යාගමිකයෝ කෝවිල් පල්ලි වලට හරවාගෙන, නැත්නම් එකල සුද්දෝ කඩලා කළුගල් අරන් රජයේ දෙපාර්තමේන්තු හදලා... කරුමය කියන්නේ ලංකාවේ බෞද්ධයෝ දන්නේ නැහැ. කියවලා නැහැ... නම්පොත
SirimalWednesday, 10 July 2019 01:58 PM
කඩොල් ඇතාගේ දළ යුගල අදද කතරගම වෙහෙරේ දැකගත හැක.