
(සුජිත් හේවාජුලිගේ )
පසුගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 3ත් 5ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
කෙසේ වෙතත් කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට 4 කින් පමණ අඩුවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ළඟදි නත්තල සහ අලුත් අවුරුද්ද උදා වන හෙයින් එම කාල සීමාවේදී ජනතාව ඒකරාශී වීමෙන් වැළකී සෞඛ්‍ය නීති අකුරටම පිළිපැදීම වැදගත් බවත් එසේ නොකළහොත් භයංකාර තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් හම්දානි මහතා පැවසුවේය.
COMMENTS
මහත්තයෝ .ඔය මන්තරය ඇති..ඔයාලට නේ බලතල. ඒවා නිසි ලෙස පාවිච්චි කරන්න නැත්නම් රටම අනතුරේ
දැන් සීතල කාලය. කොහොමත් සෙම රෝගීන් වැඩි. මේකට තමයි කොරෝනා කියලා ආදේශ කරලා මුදල් ගරන්නේ