(සනත් ගමගේ)

අම්බලන්තොට බැරගම මහආර ප්‍රදේශයේ ගොවීහු සිය කුඹුරුවලට බැස විනාශයට පත්වන  වී වගාවට පොහොර ඉල්ලා විරෝධතාවක නිරත වූහ.

රිදියගම ව්‍යාපාරයේ ගොවීහු මෙලෙස පොහොර ඉල්ලා බැරගම මහආර ඇළ කණ්ඩිය  ප්‍රදේශයේදී තම කුඹුරුවලට බැස විරෝධතා පැවැත් වූහ.

යළ කන්නයේ කුඹුරු වගාවන්ට අවශ්‍ය පොහොර මේ වන තෙක් තමන්ට නොලැබීම නිසා දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවයි. පොහොර නොමැතිකමින් ගොයම කහ පැහැ වී ඇති බවත් රජය ගෙනයන මෙම වැඩපිළිවෙළ නිසා රටේම ගොවියා අන්ත අසරණ වී ඇති බවද ගොවීහු චෝදනා කරති.