IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගම්මුලාදෑනි ඝාතනයේ තවත් සැකකරුවකු රිමාන්ඩ්

(උපාලි ආනන්ද සහ සජීවා කෝට්ටගොඩ)

අඔන්පොල දකුණ ග‍්‍රාම නිලධාරිවරයාට අමානුෂික ලෙස පහරදී  තියුනු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එහි ප‍්‍රධාන සැකකරු මෙම 18 වන දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස මහව අතිරේක දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා නියෝග අද නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කලේ හික්කඩුව තිරන්නගම  පදිංචිකරුවකු වන ජේ කේ ටෙක්සි ඩෙනිස් නැමැත්තෙකි.

සැකකරු එදිනට හදුනා ගැනීෙමි පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට තවදුරටත් නියෝග කළ අතිරේක මහේස්ත‍්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අඔන්පොල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සමන් පෙරේරා මහතාට නියෝග කළේය.

මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීමට සිටින බවත් මෙම සැකකරුගේ වැඩිමහල් සහෝදරයකු බව කියන සදුන් නමින් හදුන්වන පුද්ගලයකු සිටින බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ග‍්‍රාම නිලධාරිවරයා මිය යන තුරුම තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කර ඇත්තේ මෙම සැකකරු බවට දැනට සිදු කෙරෙන විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ග‍්‍රාම නිලධාරි කපිල ප‍්‍රියන්ත සපුකුමාර මහතා ඝාතන කොන්ත‍්‍රාත්තුව  දුන් බවට සැකපිට අත් අඩංගුවට ගෙන මීට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කළ ගල්ගමුව දුම්රිය ස්ථානයේ සේවය කරන පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයකු වන චානක තිලාන් කුමාර නැමැත්තාද මෙම මස 18 වන දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර සිටී

 



අදහස් (1)

ගම්මුලාදෑනි ඝාතනයේ තවත් සැකකරුවකු රිමාන්ඩ්

sithu Friday, 08 October 2021 10:10 PM

චූදිතයින්වත් ඒ විදිහටම මරන්න ඕනේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site