(අංජුල මහික වීරරත්න)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සමස්ත පොදුජන පෙරමුණු රජයට එරෙහි විශ්වාසභංගයක් ලෙස පරිවර්තනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද (15) දැනුම් දුන්හ.
තනි පුද්ගලයන්ට එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙන ඒමෙන් ක්‍රියාත්මක වන්නේ විපක්ෂයේ නායක පත්‍රය නොව ආණ්ඩුවේ පාර්ශව එකතු කිරීමේ ක්‍රියා ක්‍රියාපටිපාටියක් පමණක් බවද පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දුන්හ.
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලි ලැජ්ජයි වික්‍රමසිංහ මහත්තයා, රට ගැන කථා කරන්න මේච්චර දෙවල් තියෙද්දීත්, තමන්ගේ පක්ෂය ගැන කථා නොකර මොනවද මේ කියවන විහිලු කථා?
ඔව් ඔව්, එක දාමු අනුරට හරි සජිත්ට දෙන්නටම හරි.