IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ගම්පහ රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩ වරති

 

(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි බදවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කරමින් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ සිදු කර ඇති බදවා ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරන බව පවසමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු අංශ කිහිපයක සේවකයින්  සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිති.

බදවා ගැනීමට විරෝධය පළ කරමින් අද (24) උදෑසන 7 සිට පැය 24 ක කාලයක් ලෙඩ නිවාඩු වාර්තා කරමින් සේවයට පැමිණීමෙන් වැළකී සිටීම සිදු කරන බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්.කේ.පී.රත්නායක මහතා පැවසීය. 

රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙළ යටතේ සෞඛ්‍ය සේවාව සදහා බදවා ගනිමින් දැනට පුහුණුව ලබා දීම සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළද මෙතෙක් නිසි විසඳුමක් නොලැබීම මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවූ බවද සභාපතිවරයා සදහන් කළේය. 

සෞඛ්‍ය අංශ 19 ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව පැවසූ සභාපති රත්නායක මහතා, ගම්පහ රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායකයින් 210 දෙනා අතුරින් මෘත ශරීරාගාරය සහ ලේ බැංකුවෙහි සේවය කරන දෙදෙනා හැර රෝහල් මූළුතැන්ගෙය සහ හදිසි සේවා ඇතුළු  සියලුම අංශයන්හි සෞඛ්‍ය කාර්ය සහායකයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකීමෙන් සියලුම අංශවල කටයුතු අඩාල වී ඇති බවද කීය.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය  ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දැඩි අපහසුතාවයකින් කටයුතු පවත්වාගෙන යාමට සිදුව ඇති බවය. 

මේ අතර  මීරිගම රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායකයින්ද මෙම වෘත්තීය සමිති  ක්‍රියා මාර්ගයට සම්බන්ධවී සිටීම මත රෝහලෙහි මෘත ශරීර ඉවත්කර ගැනීමට පවා නොහැකිව ඇති බවක් වාර්තා විය. 

 



අදහස් (1)

ගම්පහ රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩ වරති

රසික Wednesday, 24 February 2021 02:13 PM

රැකියා ලක්ෂයේ වැඩසටහන පමණක් නොවේ. උපාධිධාරී බඳවාගැනීම යටතේත් සිද්ධවෙන්නේ මේකම තමයි. පුරප්පාඩු හෝ අවශ්‍යතාවයක් නොමැතිව බඳවාගෙන එකඑක සේවාවලට ඔබ්බවා දැන් මුළුරාජ්‍ය සේවයම අවුලක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site