IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගැබිනි කත හදිසියේ මිය යයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )


අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාස දෙකක ගැබිනි කාන්තාවක් මියගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ අංක 91 හි පදිංචි මුතුආරච්චිලාගේ ශෂිකලා  පෙරේරා (33) රූපලාවණ්‍ය ශිල්පිනියක බව පොලිසිය කියයි

ඉකුත් දෙසැම්බර් මාසයේ විවාහ වී ඇති මෙම කාන්තාව පළමු දරු ප්‍රසූතිය සඳහා මාස දෙකක ගැබිනි කාන්තාවක් වන අතර පවතින කොරෝනා වසංගතය හේතුවෙන් අතුරුගිරිය තිසර මාවතේ සැමියාගේ මාපියන් පදිංචි නිවසේ පසුගිය දිනවල රැඳී  සිට ඇතැයි  පැවසේ .

එහිදී මෙම  කාන්තාව සිහිමුර්ජා වි ඇති අතර ඒ සමගම වූ කුසෙහි වේදනාවක් හේතුවෙන්  සුවසැරිය ගිලන් රථයකින්  ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන විත් ඇතැයි පැවසේ .

එහෙත්  එම රෝහලේ  මේ දිනවල කොරෝනා රෝගීන්ට  පමණක් ප්‍රතිකාර කරන නිසා රෝගී ගැබිනි කාන්තාව  සුවසැරිය ගිලන් රථයෙන් ම කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙනවිත්  යොමු කර ඇතැයි පැවසේ .

පසුව මෙම කාන්තාව විනාඩි විස්සක් පමණ  මූලික ප්‍රතිකාරය ඒකකයේ රඳවා ගෙන සිටියදී එකවරම සිහිමූර්ජා වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයට යමු කර ඇතැයි පැවසේ.

පසුව එහිදී වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය යුහු  සුළුව රෝගියාට ප්‍රතිකාර කර ඇති  අතර එහිදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා ඇතත් අවාසනාවකට මාස දෙකක් වූ ගැබිණි කාන්තාව  මෙසේ මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව මියගිය කාන්තාවගේ මෘත දේහය පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කළ අතර  එහිදී වාර්තා වී ඇත්තේ ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවයි.

ඒ අනුව මෘත දේහය පිළිබඳ  පශ්චාත් මරණ පරීක්ෂණය    කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු විපුල නරසිංහ  මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී  සිදු කෙරිණි.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සී.ඊ. රණසිංහ මහතා විසින් මියගිය කාන්තාවගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි



අදහස් (0)

ගැබිනි කත හදිසියේ මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site