(අතුල බණ්ඩාර)
පුනෑව නාවික හමුදා කඳවුරේ මුර රාජකාරි කටයුතුවල නිරතව සිටි සෙබළෙක් සිය රාජකාරි ගිනිඅවිය පත්තුවී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
රාජකාරියේ නිරතව සිටින අතරතුර ගිනිඅවිය පිරිසිදු කිරීමට යාමේදී සිය උදරය ප්‍රදේශයට වෙඩි වැදුණු මේ සෙබළා , ඒ අවස්ථාවේම ප්‍රතිකාර සඳහා මැදවච්චිය රෝහලට ඇතුලත් කර තිබුණි.පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර ඒවා ඇත.
මේ සෙබළා , කැකිරාවේ රණවිරු ගම්මානයේ පදිංචිකරුවෙකි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය සහ පුනෑව නාවික හමුදා කඳවුර මගින් වෙන වෙනම පරීක්ෂණ සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd