( ඉන්දිකා රාමනායක සහ නිමල කොඩිතුවක්කු )
කොළඹ වොක්ෂෝල්වීදියේ ගබඩාවක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි.
ප්ලාස්ක් භාණ්ඩ රඳවා තිබු ගබඩාවක මුලින්ම මෙම ගින්න හට ගෙන ඇති අතර මේ වන විට විදුලි උපකණ ගබාඩවක සහ පළතුරු ගබඩාවකට ගින්න පැතිර තිබේ.
මේ වන විට ගින්න නිවීම සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිව්මේ ඒකකයෙන් ගිනි නිවීමේ රථ 5 ක් පමණ යොදවා ඇති අතර ගිනි නිවන හමුදාවේ රථ 3 ක් හා භට කණ්ඩායමක් යොදවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය.
යුද හමුදාව,පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන්ද මේ වන විට එම ස්ථානයට කැඳවා තිබේ.
(ඡායාරූප -චතුර එස් කොඩිකාර )










COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.