
(ඉන්දිකා රාමනායක)
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියකු වන “ගන්දර සමන්” නැමැත්තා ටී 56 උණ්ඩ යෙදි හැකි ගිනිඅවියක්, ටී 56 උණ්ඩ 12 ක් හා කඩුවක් සමග විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව තලල්ල දකුණ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේ දී සැකකරු ගිනි අවිය සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු (49) හැවිරිදි වියේ පසුවන බවත්, ඔහු වැඩිදුර පරීක්ෂණ සදහා ගන්දර පොලිසියට බාර දී ඇත.
විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ, තංගල්ල කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල කුමාර මාරපන මහතා ඇතුලු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd