(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ පෙරේදා (22) දිනෙන් අවසන් වූ සති දෙකක කාලයේදී කොරෝනා මරණ 568ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මින් වැඩි පිරිසක් පිරිමින් වන අතර එම සංඛ්‍යාව 327කි. කොරෝනා වැළඳුණු කාන්තාවෝ 241 දෙනෙක්ද එම කාලසීමාවේදී මියගියහ.
පසුගිය දෙසතියේදී මියගොස් ඇති පුද්ගලයන් අතර අවුරුදු තිහට අඩු පුද්ගලයන් 5දෙනෙකුද අවුරුදු තිහත් 59ත් අතර 139දෙනකුද අවුරුදු 60ට වැඩි 424දෙනකුද සිටින බව සෞඛ්‍ය අංශ වාර්තාවල දැක්වේ.
වයස්ගත පුද්ගලයන් කොවිඩ් වැළඳී මියයෑමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් මරණ මුළු සංඛ්‍යාව 3959කි. මින් මරණ 13ක් කොරෝනා පළමු රැල්ලේදීද මරණ 596ක් දෙවැනි රැල්ලේ දීද මරණ 3350ක් තෙවැනි රැල්ලේදීද වශයෙන් මෙලෙස වාර්තාවී ඇත.
COMMENTS