ඉකුත් පැය 24 ඇතුළත මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 57ක් බවත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,105කින් ඉහළ ගිය බවත් ප්‍රංශ පුවත් සේවය අද (3) වාර්තා කළේය.
ඒ අනුව අද (3) වනවිට නව මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 362ක් දක්වා ඉහළ ගොස් තිබෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17,485ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් මාරාන්තික වයිරසය හේතුවෙන් ඊයේ (2) වනවිට මියගිය ගණන 305 ක් යැයි ද වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 14,380 ක් යැයි චීන බලධාරීහු ප්‍රකාශ කළහ.
වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට සහ රෝගීන්ට පහසුකම් සැලැසීම සඳහා හමුදාව යෙදවීමට ද චීනය පියවර ගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලිකව ඉදිකළ රෝහල් දෙකෙන් එකක්, එම රෝහලට රෝගීන් ඇතුළත් කරගැනීම අද (3) ආරම්භ කළේය.
මාරාන්තික කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 24කට වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබේ.
මෙම වෛරසයෙන් චීන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර චීනයේ ෂැංහයි සහ ෂෙන්ෂෙන් කොටස් වෙළෙඳපොළ කටයුතු අද ආරම්භ වූ අතර ඒවා සියයට 10කින් පහත වැටුණි.
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට අයත් අර්ධ ස්වයංපාලිත හොංකොං හි ආර්ථික වර්ධන වේගය ද පහත වැටී ඇත. හොංකොං ආර්ථිකය මේ අයුරින් පහත වැටුණේ දශකයකට පසුවය.
කඩිනමින් මුඛ ආවරණ සහ වෛද්‍ය උපකරණ අවශ්‍ය වී ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශය අද නිවේදනය කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වූ විදේශිකයන් ඔවුන්ගේ රටවලට යැවීමට මේ අතරවාරයේදී රුසියාව පියවර ගෙන ඇත.
මේ අතර සංචාරක සුඛෝපභෝගී නෞකාවලට චීන ජාතිකයන් නංවා ගැනීම තාවකාලිකව නතර කිරීමට එම නෞකාවල ප්‍රධාන ගෝලීය සංවිධානය වන ‘කෲස් ලයින්ස් ඉන්ටර්නැෂනල්’ සංවිධානය අද නිවේදනය කළේය.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 04
136
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 57 ක්