IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ගෞතම් අදානි මන්නාරමට

(රොමේෂ් මධුෂංඛ)

ඉන්දීයාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස අද (25) සවස මන්නාරමේ සංචාරයක නිරත වූහ.

විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුලං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා ඇති මන්නාරමේ සුලං විදුලි බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස පැමිණ ඇත.

ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානාවකින් එම පිරිස මන්නාරමට ළඟ වී ඇත.

එහිදී ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස මන්නාරමේ පිහිටි සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳවද නිරීක්ෂණය කොට එහි නිලධාරීන් සමග සාකච්ඡා කොට ආපසු අද සවසම කොළඹ බලා පිටත්වුණි.

 



අදහස් (7)

ගෞතම් අදානි මන්නාරමට

අවදානි Monday, 25 October 2021 08:10 PM

පිටරටකින් ආව මුදලාලි කෙනෙකුට අැයි මේ වගේ සැලකිලි? හෙලිකොප්ටරයක් දවසක් පාවිච්චි කළාට ගෙව්වද නැත්නම් එ්කත් සන්තෝෂමක්ද..?

:       12       133

SujeewaMonday, 25 October 2021 10:33 PM

අවදනී, අනුවන කම ප්‍රදර්ශනය කරන්න එපා.

:       66       13

ranjith Monday, 25 October 2021 08:51 PM

රජවරු පණමෙන් ආරක්ෂා කරපු රට... ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්ව රට... ඒ තරම් ජාතියට වටිනා නිසා අද දේශපාලකයන්ට විහිළුවක් වෙලා... අද රට පත්වෙලා තියෙන්නේ අවාසනාවන්ත ඉරණමක්...

:       7       90

palitha Monday, 25 October 2021 10:32 PM

තෙල් ලිඳ හාරන්න කොමිස් ගැන කතා කරන්න වෙන්න ඇති මන්නාරමට ගියේ.

:       6       73

ana Monday, 25 October 2021 10:37 PM

ගෙදරක් බංකොලොත් උණාම රන් බඩු විතරක් නොවේ දොර ජනේල පවා උගස් කරනවා. ඉඩම් විකුණනවා.

:       8       92

chandima Monday, 25 October 2021 11:58 PM

ආපසු ගම රට බලා යන්නේ කවදාද.?

:       0       14

Hafeel Tuesday, 26 October 2021 09:38 AM

මේ අදානි සමාගම සමහර දියුණු රටවල්වල කළු (බ්ලැක්) ලයිස්තුවේ. තවද ඉන්දියාවේ පන්ජාප් ප්‍රාන්තයේ ළඟදී ගොවීන් උද්ගෝෂණ කළා ඔවුන්ව මේ අදානි සමාගම රැවට්ටුවයි කියල. මේ වගේ අය තමයි අපේ පාලකයන්ට අහුවෙන්නේ. අපිට නරක ඉතිහාසය තියනවා අර්ජුන් මහේන්ද්‍රන්, එරික් සොල්හෙම්, එමිල් කාන්තන් පිළිබඳව.

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site