(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා සහ සිරංගිකා ලොකුකරවිට)
රජය සතු ව තිබූ ගිංතොට තුනීලෑලි සංස්ථාවට අයත් ඉඩම පෞද්ගලික අංශයට විකුණා දැමීමට එරෙහිව අද (10) ගිංතොට පාලම අසළ දී විරෝධතාවක් පැවැත්විණි.
විරෝධතාකරුවන් කියා සිටියේ ගිංතොට තුනීලෑලි කම්හලට අයත් ඉඩම රජයට පවරාගෙන එයින් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා ලබා දෙන ලෙසයි.
රජය සතු ව තිබූ මෙම ඉඩම හිටපු ජනාධිපතිවරයා විසින් පෞද්ගලික සමාගමකට රුපියල් 8,745,450ක මිලට ඔප්පුවක් මගින් විකුණා දමා තිබේ.
මෙම විරෝධතාවයට ප්‍රදේශයේ මහා සංඝ රත්නය, රාජ්‍ය ඇමති මොහාන් පී ද සිල්වා මහතා, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, අක්මීමනප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහේ වත්ත, හිටපු දකුණු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්වසිටියහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.