IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගොඩිගමුව ජනතාව මීරිගම මීගමුව මාර්ගය අවහිර කර විරෝධතාවක


 
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
 
 ගොඩිගමුව ප්‍රදේශයේ ජනතාව වසර හතළිහකට වැඩි කාලයක් තිස්සේ පොදු කටයුතු සඳහා භාවිතා කළ  සමිති ශාලා ගොඩනැගිල්ල වටා කිසියම් පුද්ගලයෙකු කම්බි ගසා අවහිර කර ඇතැයි චෝදනා කරමින් එම ගම්වාසීහු අද (  29)   සවස් වරුවේ මීරිගම  මීගමුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක යෙදුණහ.
 
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්  රජයේ  අරමුදලෙන්  මෙම සමිති ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කැර ඇතැයි ද  මෙහි ගමේ පොදු සමිති 10ක් පමණ පවත්වා ගෙන ගිය බවද ප්‍රකාශ කළ  ගම්වාසීහු  මෙසේ එක් පුද්ගලයෙකු එහි කටු කම්බි ගසා අවහිර කර තැබීමෙන් තමන් මහත් අවහිරතාවයකට පත්ව ඇතැයි පවසමින් මෙම සමිති ශාලා ගොඩනැගිල්ල පිහිටි  ස්ථානයේ සිට මීගමුව මීරිගම ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ  ගොඩිගමුව මංසන්ධියේ දී මෙසේ උද්ඝෝෂණයේ  යෙදුණහ.

ප්‍රදේශයේ වැඩ විසූ හිමිනමක විසින් මෙම ගොඩනැගිල්ල සහිත භූමි භාගය පේෂකර්ම සේවා කටයුතු සඳහා භාරදී ඇතැයිද අනතුරුව අභාවයට යමින් තිබූ ගොඩනැගිල්ල දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරයාගේ මැදිහත්වීම මත පේෂකර්ම දෙපාර්තමේන්තුව මගින් පවරා ගෙන මෙසේ ප්‍රතිසංස්කරණය කර ගම්වාසීන්ගේ ප්‍රයෝජන ද ලබා දී ඇති බවද ඔවුහු සඳහන් කළහ.
 
කිසියම් අයෙකු මෙම ගොඩ නැගිල්ල  වටා කම්බියක්  ගැසීමට සූදානම් වන බවට ලත් තොරතුරු මත දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් රජයේ අරමුදල් යොදා ඉදිකර ඇති ගොඩනැගිල්ලේ රැස්වීමට ජනතාවට අවහිර නොකරන ලෙසට  දැනුම් දීමක් ද  කර ඇති  බව ද ජනතාව  මෙහිදී සඳහන් කළහ .
 


 



අදහස් (0)

ගොඩිගමුව ජනතාව මීරිගම මීගමුව මාර්ගය අවහිර කර විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site