(ඔගස්ටින් ප්‍රනාන්දු)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට නියමිතව සිටින ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු එම පෙරමුණේ නියෝජිතවරු පිරිසක් අද( 22) හලාවත මුන්නේෂ්වරම් පුද බිම වෙත පැමිණ විශේෂ දේව පූජා කිහිපයකට එක් වූහ.
මෙම ආගමික මෙහෙයන් මුන්නේශ්වරම් ශ්‍රී ඊශ්වර දේවාලයේ ප්‍රධාන පූජක එස්. පත්මනාභ කුරුක්කල්වරයා විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස්, ඇරුන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න සහ සනත් නිශාන්ත පෙරේරා යන පාර්ලිමේන්තු පමන්ත්‍රීවරු ද එක්ව සිටියහ.


COMMENTS
වැස්සකටවත් පන්සලකට හෝ කෝවිලකට හෝ ඇතුල් නොවෙච්ච ගෝඨාභයට දැන් ඒවා තිබෙන බව මතක් වෙලා! අනේ සාදු... දෙවියන් ඡන්දෙ පාවිච්චි කළත් නැතත් ජනාධිපති අපේක්ෂකයින්ටත් මෙවැනි ආගමික ස්ථාන මතක් වීම හොඳයි.. එ්ත් දෙවියන් නිරතුරුවම මෙලොව සිදුවන හොඳ නොහොඳ ගැන සුපරික්ෂාකාරීව සිටින බව අප හැමෝම දන්නා කරුණක් බව මේ කට්ටිය සිහි තබාගත යුතු වෙනවා. එ්ත් මොකද ඔටුන්න (අ)හිමි වී සිටින මනමාල මහත්තයා සමග රාජපක්ෂ පවුල් සංස්ථාවේ අනිකුත් සාමාජිකයන් මේ වන්දනා ගමන් වලට සහභාගී නොවන්නේ... පලා බෙදනවද?
ඔතන ඉන්නේ හිඟන්නන් සහ බිස්නස් කාරයන් නේද? බලයක් නම් පේන්න නැහැ ඔතන..
ඝෝඨාභය මහත්තයාගේ මුහුණේ නැහැනේ කිසිම ප්‍රාණවත් ගතියක්. අසනීප තත්වය තවම සම්පූර්ණයෙන් සුව නැහැ වගේ...
මේ වටේ ඉන්න අයත් එක්ක ඝෝඨාභය මහත්තයට අලුත් ගමනක් යන්න පුළුවන් වෙයිද මන්දා...
වන්දනාවේ යමු පේවීලා... ඡන්දය එනකල්... වඳින්ටා.. වඳින්ටා... රම්‍ය ඡන්ද දායකයා... කවද්ද අප්පා මෙයා මීට කලින් වන්දනාවේ ගියේ?
සුදු ඇඳන් කළු ඇවිත්. දෙයියන් මුහුණ බලයිද?
පන්සල් දේවාල වලින් ආශීර්වාද ලබාගෙන කතෝලික පල්ලි සහ මුස්ලිම් පල්ලි වලින් අවසන් කරමින් ඡන්ද සටන් පටන් ගෙන තිබෙන බවකුයි පෙනෙන්නේ...
අපි ඡන්දෙ දීලා දිනෙව්වා කියමුකෝ... එ්ත් මේ ද්විත්ව පුරවාසි භාවය නිසා නඩු වැටිලා ගෙදර යන්න වුනොත් අපේ ඡන්දෙ අපරාදෙනේ...
ගෝඨා උන්නැහේගේ කලින් තිබුණු ක්‍රියාශීලි ප්‍රාණවත් ගතිය දැන් නැහැනේ. දිනන්න බැරි බව බුද්ධි තොරතුරු වලින් තහවුරු වෙලා වගේ...
පරදිනවා කියලා දැනෙන කොට, තමන්ගේ ආණ්ඩුව කාලේ තමන් විසින්ම කරදර කරපු කෝවිලෙන්ම ආශිර්වාද ගන්න ගිහින්..
දෙයියන්ට කියලා වැඩක් නැහැ. ඡන්දෙ දාන්නේ මිනිස්සුනේ... මේ රටේ මිනිස්සු ආයෙත් රැවටෙන්නේ නැහැ. මෙයාලයි, දැන් ඉන්න අයයි දෙගොල්ලම රට අඳුරට තමයි අරන් ගියේ... මෙයාලා එන්නේ තමන්ට කරගන්න මිසක් රට ගොඩගන්න නෙවෙයි කියලා කියලා දැන් මේ රටේ මිනිස්සු දන්නවා. මෙදා පාර විකල්ප බලවේගයකට තමයි ජයගන්න පුළුවන්. ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක තමා නියම සුදුස්සා...
කිසිම පණක් නැනේ. අපේ හිටං වගේ...
මුන්නේෂ්වරමින් පටන් ගන්න මේ මිත්දෘෂ්ටිය නවතින්නේ තිරුක්කෝවිල් වලින් නේද?
දෙවියන්ට නොවේ රටේ ජනතාවට අවංක සේවයක් කිරීමයි ඔබගේ ජයග්‍රාහී මාවත.....
මහින්දට පුලුවන්නම් ගෝඨාවත් රැගෙන එන්න කළුතරට නියම දේවාලයක් තියෙනවා. සිතු පැතූදේ ඉටු කරන... හරිගිය පසු දේවාලයට ආධාරයක් කරන්න තියෙන්නේ දෙවියන් ඉදිරියේ කපු මහතා අහන ප්‍රශ්න වලට උත්තර බඳින්න ඕනෑ. දන්නා කියන කෙනෙක්ට වූ දෙයක්..!!!
මහින්දට තියෙන බල තණ්හාව, පවුල් ප්‍රශ්න, පුතාලගේ නූගත්කම, මෙවැනි දේ නිසා ගෙදර දේවාලයක් හදා ගන්න ලංකාවේ වටේ යන්නේ නැතිව... කුලියට කපුවෙක් තියාගන්න පැය 24 දේවාලයේ ඉන්න පුළුවන්... ආවතේව කරන්න බේබිලාට පුළුවන්නේ. නැතිනම් මේ වැඩෙන් වෙන්නේ මිනිස්සු හිනස්සන එක විතරයි.
යකෝ, අපේ රට පාලනය කරන්න එක එක දේවාලවල වැඳ වැටෙමින් යක්කුන්ටයි, දෙයියන්ටයි කෙහෙල්කන් ගස්ලබු කවකවා යන මිථ්‍යා දෘෂ්ටිකයින් මිසක් ජනතාව ගැන විශ්වාසය තබා ජනතාවට කන්න දිය යුතු බව හිතන නායකයෙක් පහළ වෙන්නේ නැති හැටි අම්මපා...
ඔතන අසරණවෙලා නොපෙනෙන දෙවියෙක් දිහා බලාගෙන ඉන්නකොට මොනවා හිතෙනවා ඇද්ද?
"පස්වාන් දහසකට බුදුවන්න, දේවෝත්තමයාණෙනි, අපේ පවුලට තවත් සැරයක් හැන්ද ලබාදෙන්න. පරණ පව්වලට ගැත්තාට අනුකම්පාකර"..
කෝ අපේ බමුණු උන්නැහේ? කිසිම සද්දයක් නැහැ වගේ..
මෙයා යන පන්සලක් තියෙනව ඇමෙරිකාවෙ.. ඒකෙ ඔක්කොම මෙයාගෙ අය.
රනිල්ට දළදා වඳින්න පුළුවන් නම් රාජපක්ෂලාට මුන්නේශ්වරම් වඳින්න බැරි ඇයි. ඔක්කොමල්ල කරන්නේ ප්‍රෝඩාව. ලොකුම ප්‍රෝඩාව කරන්නේ රනිල්.
පන්සලේ ගිහිල්ල පුටුවේ වාඩි වෙනවා. කෝවිල් වල ගිහිල්ල අගේට වාඩි වෙනවා. අනේ මන්දා...