IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ගෝඨාභය පෑන - කැමරාව දක්කාම පැන දුවන බය ගුල්ලෙක්’

(නිමල කොඩිතුවක්කු)

 

වියතෙක්, බුද්ධිමතෙක්, වැඩකාරයෙක් බවට ප‍්‍රකටව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට බොරු කියමින් ජනතාව මුලා කරමින් පෑන, කැමරාව දැක්කම පැන දුවන බය ගුල්ලෙක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර  මහතා පැවසීය.

 

මෙවැනි කෙනෙකුට රට බාර දෙන්න කියා පොහොට්ටුව ජනතාවගෙන් ඉල්ලීම් කිරීම ගැන තමන් පුදුමයට පත් වන බවත් මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.

 

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද(18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර  මහතා මෙසේ කීය.

 

‘‘ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය මඟ හරිමින් අද ඔහුගේ  ජනාධිපතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. 2015ට පෙර රාජපකෂවරුන්ට බයේ මාධ්‍ය  හැඟුණා. අද මාධයයට බයේ රාජපක්ෂවරුන් හැංගෙනවා.

 

අද මේ වනවිට ජනාධිපතිවරණ ප‍්‍රධාන අපේක්ෂකයන්  දෙදෙනා අතර තරගයක් නැති තත්වයට පත්ව තිබෙනවා.  අපේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා  දිහා ජනතාව බලාපොරොත්තු මිටියක් එක්ක දෑස් දල්වමින් බලා සිටිනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ප‍්‍රශ්ණ මඟහරිමින් බොරු පොරොන්දු දෙමින් ජනතාව නොමග යවමින් සිටිනවා.

 

මේ රාජපක්ෂ මල්ලිලා ටික ලංකාවට පය ගැහුවේ අයියා ජනාධිපති වුනාට පසුවයි.  අයියාට  බලය නැති තාක් කල් ඔවුන් ලංකාව දිහා ඇහැක් ඇරලා බැලූවේ නැහැ.  මේ රාජපක්ෂවරු බලය තියෙන තාක්කල් වීරයන්, චන්ඩියන්,  බලය නැති විට බයගුල්ලන්, නිවටයන් ලෙස හැසිරෙනවා.

 

යාපනය ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විදියට ජනතා අයිතියට පත් කලා. මේ නාම පුවරුවේ උඩින්ම දෙමළ භාෂාවෙන් තියෙන එක  සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා වල විවිධ දේ  කතා කරනවා.

 

මේ රටේ  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව විදියට සිංහළ සහ දෙමළ භාෂාව සඳහන් කර තිබෙනවා.  වැඩිපුර දෙමළ ජනතාව ඉන්න  ප‍්‍රදේෂවල දෙමළ භාෂාව පළමුවත් වැඩිපුර සිංහළ  ජනතාව ඉන්න ප‍්‍රදේෂවල සිංහළ භාෂාව පළමුවත් කටයුතු කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවා.

 

ඒ වගේම  මේ ගුවන්තොටුපළ විවෘත කිරිම පිළිබඳ දෙමළ ජනතාවට, එක්සත් ජාතික පක්ෂයට දෝෂාරෝපණය  කරමින් විවිධ ප‍්‍රවෘත්ති විවිධ කතා පළ කරමින් තිබෙනවා.

මේ ගුවන්තොටුපළින් මේ ප‍්‍රදේශවල ඇති වන දියුණුව,  පිළිබඳ කතා කරන්නේ නැතුව බෝඞ් ලෑල්ලක් අල්ලන් කෑ ගහන පිරිස් ගැන අපි කණගාටු වෙනවා.

 

මේ  වගේ කෙනෙක්ට  රට බාර දෙනවාද එහෙම නැත්නම් මිනිස්සුන්ගේ බලාපොරොත්තු  ඉෂ්ඨ කරන්න පුලූවන්,  මහජනතාවත් එක්ක ගත කරපු මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති කරනවාද කියන තීරණය ජනතාව ගත යුතුයි’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර



අදහස් (0)

‘ගෝඨාභය පෑන - කැමරාව දක්කාම පැන දුවන බය ගුල්ලෙක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site