(දයාරත්න ඇඹෝගම)
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) දින පැමිණියේය.
දුමින්ද දිසානායක මහතා හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් සමඟ සුහද පිළිසදරක නිරත වූහ.
එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර එහිදී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවයි.
ඒ අවස්ථාවේ දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පාක්ෂිකයින් විශාල පිරිසක්ද පැමිණ සිටි අතර ඔවුන් සමඟද ගෝඨාභය මහතා සුහද පිළිසදරක නිරත විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක,එස්.එම් චන්ද්‍රසේන,ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී ඒකනායක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකවරු සහභාගි වූහ.



COMMENTS
ඉතින් මේ අයද රට හදන්නේ? 71 කළෙත් ඕකමනේ..
දැන් ලැජ්ජාව ඇත්තේ අපිට විතරද?
මෙතරම් මජර හිරිකිත දේශපාලකයන් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. මේ දෙගොල්ලට ආත්මයක්, ලැජ්ජාවක්, අභිමානයක් ගැන දන්නෙවත් නැත. මේ වගේ අයගෙන් රටක්, ජනතාවක් කුමක් බලපොරොත්තු වෙන්නද?
දුමින්ද ගෙදර ගිය ගෝඨා ගැන කිව්වට අනුරගේ තඹුත්තේගම රැස්වීම ගැන පොඩ්ඩක්වත් කිව්වේ නැත.
අයියා මහින්ද හිටියේ නැතෙයි? දුමින්දගේ පියා බර්ටිගේ සොහොනටත් ගියාද?
අනේ අයියේ ඕනෙ උදව්වක් කරන්නම්... අර ගොඩනැගිල්ලේ හුටපටේ බේරලා දෙන්න අයියේ... මේ එක එකා ඒ ගැනමයි කතාව. ඒ අය ඔක්කොම ගාන කපාගත්තා. ඉතින් අයියේ ඒ උදව්ව කරනවා නේද මට..?
මොවුන් පොහොට්ටුවට එකතු වුනා කියන්නේ සජිත් ප්‍රශ්නයක් නැතිවම දින්නා කියන එකයි.
මෙයා දන්නේ නැහැ ගෝඨා කවුද කියලා අපි බලන් ඉමු...
17 වෙනිදායින් පස්සේ දුමින්දට බුදුසරණයි...
රවීන්ද්‍ර ඔයා කිව්වේ සබීතගේ ගොඩනැගිල්ල ගැනද?
ලැජ්ජාවේ බෑ බෑ බෑ...
මෙයා කොහොමද කියන්නේ අනුරපුරයේ සේරම ඡන්ද අරන් දෙනවා කියලා...? අපේ අම්මගේ ගම, අම්මලාගේ පරම්පරාවම යුඑන්පී කාරයෝ. ඒ ඡන්දත් දෙනවද? මගේ යාලුවන්... අනේ මෙහෙමත් නිවටයින්.., මොනවා කෙරුවටද? අපේ දෙමව්පියන්ට මිලියන ගණනින් සොහොන් හදන්න අවශ්‍ය නැහැ. බොන්න පිරිසිදු වතුර ටිකක්. ඉල්ලන්න බයයි වෙඩි කන්න වෙයි කියලා... ගෝඨා ඇමරිකාවේ ඉද්දි දැක්කේ නැත්ද? ඒ රටේ ජනාධිපතිවරු ඡන්ද කරපු හැටි.., ගෙවල් ගානේ ගිහින් රැස්වීම් වලට එන සෙනග බළලා නෙමේ කිව්වේ මම දිනනවා කියලා, ජනතාවගේ... පොරොන්දු සියල්ලම අවුරුදු 4න් ඉවර කෙරුවද කියලා... ඒවා නොකර ඉන්නෙත් නැහැ. ඇමරිකාවේ හිටියා කියලා කියන්න බැහැ. ජරා විදියට මිනිසුන්ට සලකන්නේ, හොරා කන්නේ, අවනීතිය අතට අරන්, ලෝකේ කොහේ හිටියත්... උපන් ගති අරින්න බැහැ. ඊට වැඩිය හොඳයි කට්ටියම පැදුරක් එලන් හිඟා කෑවා නම්, සුමනදාසගේ ගෙදරත් යන්න.
මොවුන්ට ඇති එකම ප්‍රතිපත්තිය කොහේට හෝ රිංගා සැප ගැනීමයි. මොවුන් හිතන්නේ මොවුන් පනින විදියට මේ කාලකන්නිත් එක්ක මිනිස්සුත් පැති මාරුකරනවා කියයි. සබීතාගේ ගොඩනැගිල්ලෙන් ගහපු කෝටි ගණනක කොමිස්වලට මේ ආත්මේ නැත්නම් එන ආත්මේ හෝ මේ තක්කඩියන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇත. හොඳ ජෝඩුව. එක්කෙනෙක් අම්මගේ තාත්තගේ සොහොන් රට්ටුන්ගේ සල්ලි වලින් හදනවා.
දැන් සැපද?
එක එක්කෙනාට බැන බැන ඉන්නේ නැතිව ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මේ ක්‍රමය වෙනස් කරමු. මෙවර මහේෂ් සේනානායකව ගෙන එමු
මහේෂ් ගැන කතා කරනවා මගුලක්, මේ වෙලාව ඇවිදින් තියන්නේ විනාශ මුඛයට ගිහින් තිබෙන රට නැවත හරි පැත්තට ගන්න එකයි. දුමින්ද, වීරකුමාර, දයාසිරි එස්.බී.ලා කවුරුවත් අනුමත කරන්නේ නැහැ. ඔවුන්ගේ පැමිණීම... ඒ වගේම ගෝඨා ඔවුන්ගේ ගෙවල් අස්සේ රිංගන්ට ගිය එක අනුමත කරන්නෙත් නැහැ. කොහොම හරි දැන් වුණානේ... ගෝඨාභය මහත්තයෝ ඔබගේ පිළිගැනීම හෑල්ලුවට ලක්කරගන්න එපා. මේ කියන දේ හොඳින් තේරුම් ගත්තොත් රටට හොඳයි. නැතුව තවත් ජනාධිපතියෙක් නම් වෙන්ට එපා මගේ දෙයියෝ.
ආලෝකය කරා පියනගමු . අදුරෙන් එලියට පැමිණීමට දල්වමු විදුලි බුබුලක්. විකල්පයක් උදෙසා
දැන් කට්ටියට සනීපද ළමයිනේ? මේක තමයි දේශපාලනේ.. රට වැසියන් අනාථයි... ආවොත් කැබිනට් ඇමතිකමක්..
දුමින්දට රැස්වීමේ එල්ල වුණු ජනතා විරෝධය කලින් සූදානම් කරන ලද වැඩක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනගත යුතුයි...
දුමින්දට රැස්වීමේදී බරපතල විරෝධයක්...
අනුරාධපුරයේ රැස්වීමේදී දුමින්ද දිසානායකලට දැඩි විරෝධයක් රටම දනිති.
දුමින්දට අනුරපුර වේදිකාවේදී සැලසුම් කල විරොධයක්... අනික් අයට මේවා හොඳපාඩම්.. අපි නාඩන් ඉන්නම්...
දැන් අඩු රාජිත විතරයි.
ලෙඩක් හැදුනම සින්ගපුර් ගිහින් ලක්ෂ ගානක් වියදම් කරලා බෙහෙත් ගන්න පෝලිම් වල ඉදලා කල් ඉකුත් වෙච්ච් බෙහෙත් බීලා ඉක්මනින් පරලොව යන අපේ අය ඒ වගේ නායකයන්ට කඩේ යන හැටි දැක්කම ඇත්තටම දුකයි.
සුළු ජාතිකයෙක් වූ බරක් ඔබාමා ජනධිපති උනේ එම රටේ මිනිස්සු බුද්ධිමත් විධිහට තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කල නිසා, අපේ රටේ ජනතාව කවද බුද්ධිමත් විධිහට ඡන්දය පාවිච්චි කරාවිද? එතකන් අපේ රටේ පාසල් යන ළමයින්ට හැමදාම උගන්නන්න වෙන්නේ ශ්‍රී ලංකාව තවමත් සංවර්දනය වෙමින් පවතින රටක්ය.
දුමින්දගෙන් ආරම්භය කාගෙන් අවසන් කරයිද කියලා අපි බලමු? හැබැයි දින්නොත් යටම තමයි.