(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් අත් පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මිරිහාන කොට්ටාව පාර විජේසේකර මාවත ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පැවසීය.
රාජපක්ෂ මහතාට අපහස වන ආකාරයේ කරුණු 60 ක් ඇතුළත් අත් පත්‍රිකා 58 ක් සොයාගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ සහ මිරිහාන ප්‍රදේශ වල පදිංචි 60 සහ 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බව පොලිසිය කීය.
COMMENTS
සේනානායකවරුන්ගෙන් පසු එජාපය මේ රටේ බලයට පත් වෙච්ච සෑම වකවානුවකම ජනතාවට සහ රටට හානිකරදායක කාලයක් උදා විය. ඉතිහාසය ඊට සාක්‍ෂි දරනු ඇත. රටේ සහ ජනතාවගේ මානසික ආතතිය සහ ආර්ථික පීඩනය උග්‍ර විය. එය පසුගිය 2015 එජාපය ප්‍රමුඛ රජයේ ක්‍රියාපටිපාටියෙන් වත්මන් තරුණ ප්‍රජාවට දැකබලා ගැනීමට හැකිය. එහෙත් 2019දී ලාංකිකයින් ප්‍රඥාවන්තව ප්‍රතිපත්ති මත යතාර්ථවාදී අපේක්‍ෂකයෙක් තෝරා පත්කර ගෙන ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් සඳහා ජනතා ආශිර්වාදය ගන්නට මූලික අඩිතාලම දාන මොහොතේදී ඊට දෙස් විදෙස් බෙදුම්වාදයට ප්‍රිය කරන බලවේග ප්‍රධාන ඇතැම් පිරිස් කුහක රංගනයක දී සිටියි. එහෙත් බුද්ධිමතුන් මේවා තුලින් සත්‍ය දකිනු ඇත...
මඩ ගහලා හරි බලයට එන්න හදන්නේ අපට සේවය කරන්න නේද දෙයියනේ...?
එතකොට කාවද අත්අඩංගුවට ගත්තේ..? එකම රටක මොකද මේ නීති දෙකක්...?
ඔක්කොම වැඩ මාට්ටුයි...
ඉතිහාසයේ වැඩකට නැති ආණ්ඩුව මේක තමයි. පරදිනවා නම් පාඩුවේ යන්නේ නැතුව බොරු කියලා මිනිස්සු රවට්ටන්න හදනවා. ඒ අය වගේම සාමාන්‍ය මිනිස්සුත් ගොන්නු කියලා...
පේනවා නේද නියත පරාජය ඉවසාගන්න බැරිව කරන පහත් වැඩ...? මේ වැඩවලින් වෙන්නේ තමුන් වැටී සිටින වලෙන් ගොඩඑන්න බැරිව තවත් පතුළටම වැටෙන එකයි...
මේ සිද්ධියට සම්බන්ධ බවට නම ප්‍රසිද්ධියට පත්ව ඇති හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අද මෙවැනි ප්‍රකාශයක් කර තියෙනවා දැක්කා. උපුටා ගැනීමකි. "මගේ අනුදැනුමකින් තොරව අපව අපහසුතාවයට පත්වන ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පත්‍රිකාවක් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දමා කෝට්ටේ ඇතැම් ස්ථානවල බෙදාහැර තිබෙනවා. මම මෙවැනි කටයුතු කිසිදා අනුමත කරන්නේ නෑ. මා මේ සඳහා අනුබල දුන්නැයි පළවන වාර්තා මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ සඳහා, මාගේ සම්බන්ධයක් ඇතැයි හුවා දැක්වීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන අතර පුරා වසර 10ක් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරත වූ මාහට මෙවැනි දෑ කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරනවා." උපුටා ගැනීම අවසන්.... මේක කාටවත් පන්දම් ඇලීමක් නම් නොවේ...
මෙහෙම අත්අඩංගුවට ගන්න හරි අද නීතිය සකස් වී තිබීම සතුටක් නොවේද? සාටකයින්ගේ පාලනයේදී ඡන්දය තිබෙනකොට විරුද්ධවාදීන්ගේ කාර්යාල වලට පහරදී පොලීසිය බලා සිටියදීම පුද්ගලයින් අත්අඩංගුවට ගත්තද?
කව්රු කව්රුත් එකක් මතක තියාගන්න. මැතිවරණය තියයි. කව්රු කව්රුත් බලයටත් එයි.. ඔබ දන්නවද මේ මැතිවරණයට වියදම් වෙන අති විශාල බිලියන ගණන් නැවත නොඑන ශුන්‍ය වන ජාතික ධනය කියා. දිනුව පසුවත් ඔහු වෙනුවෙන් වියදම් වෙන ජනතා මුදල් සම්භාරය කොපමණද කියා...? දේශපාලකයා කොහොමත් දිනුම්... ඔවුන් වෙනුවෙන් කතිරය ගසන ජනයා හැමදාම පරාදයි. මෙයට හරි විසඳුමක් පෙනෙන මානයේවත් නැත. පේනවා නේද යනකොට හිස් අතින් ගමට යනවා කියපු කෙනා පැජට් පාරේ වටිනාම දේපළ කරේ තියාගන්න කැබිනට් පත්‍රිකාව ගහපු හැටි.. එ්කයි මම කීවේ දිනන්නේ ඔවුන්ම තමයි කියලා...
සිරිමල් මහතාණෙනි. මේ ආචාර්යතුමා එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී කියනවා මෙතුමා කවදාවකවත් බොරු කියන්නේ නැහැ කියලා... වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කුලියාපිටියේදී පටන් ගන්නවා කියලා. මේ වැඩසටහන ගුවන්ගතවෙලා අවුරුදු හතර හමාරක් ගිහිල්ලා තියෙනවා. ඉතින් බොරු කියලම නැද්ද? හෝදන්නේ කාගේ රෙදිද?
ශ්‍රීමාල්..., අපිට ආරංචි හර්ෂ මැතිතුමාගේ ලේකම්වරයකු අත්අඩංගුවට ගත් බව...
අප්පා කළ වැඩේ පුතා නොකළහොත් එයා නොට්ටිගේ පුතාලු...
එජාපය අවසන් සතියේ ක්‍රියා කරන ආකාරයෙන් ඔවුන්ගේ පරාජය නියත බවට වැටහී ඇති බවක් පෙනේ...
හැබැයි ඕක බෙදුවේ එතුමාගේ ලේකම් කෙනෙක්...
sirimal, නෑ නෑ පන්දම් ඇල්ලිල්ලක් නැහැ. රෙදි නැතුව කඩේ යෑමක් විතරයි...! මේ වැඩකරලා මාට්ටු වුණාම සුදනා වෙන්න බලනවා.
‘ජලනි සමග පිළිසඳරක් සමගින්’ ජලනි රට පුරා..!!!
නෙලුම් පිපෙන්න ගොහොරු මඩ අවශ්‍යයි. මේක මම නම් දකින්නේ සුබ දෙයක් සහ හොඳ දෙයක් විදියට.. මේ සතියේ කවුරු මොකක් කිව්වත් ජනතාව පිළිගන්නේ නැහැ.. එ්ක හැමෝම මතක තියන් ගෙවල්වල හිටියා නම් ඡන්දේ දාන කෙනා අදාල අයට ඡන්දේදී මේ වගේ උපක්‍රම මීට අවුරුදු 10 - 15 කට කලින් නම් හොඳයි.