(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සියයට සියයක් අනුමත කළ හැකි එකක් බව ශ්‍රී.ල.නි.ප ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඔවුන් සම ප‍්‍රතිපත්තිමය වශයෙන් එක මඟක යාමට හැකි බව ඉතා හොඳින් සනාථ වූ ලියවිල්ලක් යැයි කී සියඹලාපිටිය මහතා කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මෙන්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇති කරුණු සාර්ථක කරගැනීම වෙනුවෙන් ද තම පක්‍ෂය එතුමාට සහය ලබාදෙන බව හෙතෙම සඳහන් කළේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ මැයෙන් එළිදැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රකාශයෙහි ජනතාව නව ජනාධිපතිවරයකුගෙන් බලාපොරොත්තු වන සියලූ කරුණු අන්තර්ගතව ඇතැයිද සියඹලාපිටිය මහතා පැවසීය.
තම පක්‍ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් අපේක්‍ෂකයකුට සහය දුන්නා නම් ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශයට මෙතරම් හොඳින් එකඟවිය නොහැකි වනු ඇතැයි ද ප‍්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු ඉතින්...
මේ යන විදිහට ඔබතුමාලගේ සෞභාග්‍යමත් කාලයද අවසන් වී ගෙදර ඉන්නට නියත වශයෙන්ම සිදුවේ. ඒ නිසා අපට සෞභාග්‍යමත් කාලයක් ලැබීමටද ඉඩක් ඇත.
දූෂිතයන්ට දඬුවම් කරනවා කියලා කියනවා නේද? උන්නැහෙත් ඇතුළුව පොහොට්ටුවේ ඉන්න දූෂිතයන්ට මොකද කරන්නේ..?
ශ්රී ලනිපය අනුමත කලාට වැඩක් නැහැ. ශ්‍රීලනිපයේ ඉන්න නරි වග කියන්න ඕනෑ... මේ රටේ සිදුවුණු විනාශයට බාගයට බාගයක් එජාපය වගකිව යුතුයි. රටේ උගත්, බුද්ධිමත් මිනිසුන් තීරණය කළ යුතුයි අවුරුදු 70ක් රට කාපු කොළ, නිල් දේශපාලුවන්ට රටේ පාලනය දෙනවාද..? නැතිනම් උගත්, බුද්ධිමත් රටට ආදරේ කරන විකල්ප සංවිධානයට රට බාර දෙනවද කියලා..
නැතුව ඉතින් ඔයගොල්ලෝ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුමත කරන්නැයෑ..
අනුමත නොකළා නම් තමයි පුදුමේ. අපට ආරංචියි නිර්පාක්ෂික කියකියා හිටපු ජනාධිපතිවරයාත් හෙට අනිද්දාම පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙනවා කියලා. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයින් හට ඔවුන්ගේ ඡන්දය දෙන බවට ගම් නියම් ගම් වලින් ආරංචි වෙන නිසා කිසියම් ආකාරයක හදිසි තත්වයක් ඇතිවෙලා වෙන්නට පුළුවන්... ඒවගේ තීරණයක් ගන්න ඇත්තේ. අනිත් අතට පොහොට්ටුවේ බලකොටු කියන තැන්වල සජිත් ප්‍රේමදාසගේ රැස්වීම් වලට බලාපොරොත්තු නොවුණු අන්දමට ජනකායක් එකතුවීම ගැනත් සමහර විට සමහරුන්ගේ ඇඟවල් හිරිවැටුණාද දන්නෙත් නැහැ. මොකද දකුණේ එහෙම නම් වෙන පළාත්වල තත්වය ඊට වඩා දරුණු වෙන්නට බැරි නැති නිසයි එහෙම හිතුණේ...
අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා දැනට භාවිතා කරන 4G තාක්ෂණය වෙනුවට අධිවේගී 5G ජාල පද්ධතියක් ස්ථාපිත කරන බවත් බලි-තොවිල් සිදු කරන, ශාන්තිකර්ම සිදු කරන කට්‍ටඩියන්ගේ ගැටලු සොයා බලා විසඳුම් ලබාදීමට සංස්කෘතික අමාත්‍යංශය යටතේ නියාමන ඒකකයක් ස්ථාපිත කිරීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරයි. දෙකම හොඳද? (විද්‍යාව සහ අවිද්‍යාව )
පළමුවන ලෝක යුද්ධයට මුල පිරූ ජර්මනියේ කෙයිසර් විල්හෙල්ම් රජ්ජුරුවෝ පෝලන්තයේද කොහෙද එක්ක ගිවිසුමක් ගහලා ඒකත් කඩලා ඒ රට ආක්‍රමණය කළා. අැයි ගිවිසුම කැඩුවේ කියලා ඇහුවාම කිව්වා "ගිවිසුමක් යනු හුදෙක් කඩදාසි කැබැල්ලක් පමණකි" කියලා. මේ හාදයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන කියන්න තියෙන්නෙත්" ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන හුදෙක් කඩදාසි කැබලි පමණකි" කියලයි...
මහින්ද රාජපක්ෂ මහත්තයා ඊයේ (24) මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී "වසන්ත සේනානායක බාගෙට ගිහින්... සිතාගැනීමටත් බැරි මට්ටමේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක්වනවා" කියා ප්‍රකාශයක් කළේය. මේ සම්බන්ධයෙන් අන්තර් ජාලයේ දැනට සංසරණය වෙන කතාවක් මෙසේය. "එජාපයෙන් පැනීමට සිටින ප්‍රබලයා සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන කතාබහට අනුව ඒ සාගල රත්නායක ඇමතිවරයා බව අනුමාන කෙරේ. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වන අතර මේ වනවිට සජිත් පාර්ශවය ඉදිරියට පැමිණ සිටින නිසා අතිශය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. පසුගිය කාලයේදී රාජපක්ෂලාට එරෙහිව එල්ල වූ බොහෝ චෝදනා සනාථ කර ගැනීමට නොහැකි වීම සහ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කරගත නොහැකි වීම පිටුපස සිටින එක් ප්‍රධාන චරිතයක් වන්නේ සාගල රත්නායක මහතා බවට චෝදනා එල්ල වුනි. මේ වනවිටත් තිරය පිටුපස රාජපක්ෂලාට අවශ්‍ය පරිදි කටයුතු කරන පුද්ගලයෙක් වන නිසා යම් හෙයකින් සාගල රත්නායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවට ගොඩවීමට තීරණය කළහොත් එය අලුත් තත්වයක් නොවන බවයි බොහෝදෙනා කියන්නේ."
ඕකේ තියෙන ඒවා ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අයියාගෙන් අහන්න කියලා කියයිද දන්නේ නෑ. එදා වගේ..
අපෝ කිරිඇල්ල නම් ගන්නට එපා...!!
නිකන් බොරු එපා... මහා සාටක ඡන්දෙට ලංගමෙන් බස් අරගෙන ගෙවන්න තිබෙන මිලියන 10ට පොල්ල තියලා. දැන් එළිදක්වනවලු රට හදන වැඩ පිළිවෙල..
සිරිමල්, සාගල රත්නායක ගෝඨාභයත් එක්ක යතොත් යන්නේ රනිල්ගේ කරදර එපාම වෙලා..
අනුමත කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද?
ඔයා එහෙන් මෙහාට, මෙහෙන් එහාට පනින මිනිස්සුන්ට ජනතා ජනතා ප්‍රසාදයක් සහ කැමැත්තක් නැහැ. ඒ බව එස්.බී.ලා වගේ අයගෙන් ඔප්පුවෙලා තියෙන්නේ. ඒක නිසා කවුරු කොහේ ගියත්, ජනතාව ඉන්නේ තම ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්..
එහෙම නම් ගෝඨාගේ රැස්වීමට ගියා කියලා ඉසුර දේවප්‍රියව අල්ලගෙන කන්න හදන්නේ මොකටද?
මේකත් හරියට මහින්ද චින්තනේ 1,2 වගේ බේගල් වට්ටෝරුවක් වෙන්ඩ ඇති .ආසියාවේ ආශ්චර්යය කරපු හෙටිත් අපි දන්නවා .බලයට එනකම් දේසපාලුවෝ කෙරුවෙ ජනතාව ගොනාට අන්දවපු එක .දුෂිත පවුල් පාලනේ හොර හැතිකරේ කිට්ටු කරගෙන රටට කරපු හරිය අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
රටේ මුළු මහත් ජනතාවම දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන කියන විදිහට කරලා කට වහගෙන ඉන්න පුරුදු වෙයල්ලා දැන් ඉඳලම... සාක්ෂරතාව හරි ඉහළයි කිව්වට මේකේ ඉන්න බහුතරයකගේම දේශපාලනික කියවීම ඉතාමත් දුප්පත්, මොවුන්ට වැඩ ගව් ගාණක් ඉදිරියෙන්... ඉතින් ඉන්නේ අනිත් රටවල දුප්පත්, නූගත් මිනිස්සු. තනිකරම වහල්ලු, තමන්ගේ දරුවා හුරුකරන්නෙත් මොවුන්ගේ බැලමෙහෙවර කිරීමට මයි. දෙපැත්තටම වහල්කම් කරන අය එක වගේ...