IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලේඛන පිටපත් සීඅයිඩීයට දෙන්න නියෝග

(නිමන්ති රණසිංහ)
 
හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සියලු ලේඛනවල සහතික කළ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(26) ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළාය.
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයේ ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
 



අදහස් (22)

ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලේඛන පිටපත් සීඅයිඩීයට දෙන්න නියෝග

සුගත් Thursday, 26 September 2019 11:59 AM

ඒකටත් ආරක්ෂාව මදි කියලා දෙන්න බැහැ කියයිද? එතුමා ප්‍රශ්නෙට මුහුණ දෙනවා වෙනුවට කරන්නෙ පැනලා යන්න පාරවල් හොයන එක.

:       1797       1914

LebbeThursday, 26 September 2019 02:32 PM

සිරිකොතේ ඉන්න තවත් කෙනෙක් කිව්ව කතාවක්..

:       0       0

sagalaFriday, 27 September 2019 02:36 AM

සහරාන් ගැනවත් මෙච්චර හොයන්නේ නැහැ.

:       0       0

sarathFriday, 27 September 2019 02:40 AM

සුගත්, ලියල තියෙන දේ හරියට තේරුම් අරගෙන කතා කරන්න. නියෝග කරලා තියෙන්නේ ආගමන විගමන පාලක ජනරාල්වරයාට මිසක් එතුමාට ‍නෙමේ නේද?

:       0       0

Nissanka Thursday, 26 September 2019 12:28 PM

මෙතුමාට ඡන්දය දීලා දිනෙව්වත් අර ගීතා නෝනට වගේ ගෙදර යන්න වෙයිද? අපේ ඡන්දය අපතේ යයිද?

:       746       1044

Hafeel Thursday, 26 September 2019 03:43 PM

දිනන්න කොහොම වුණත් තරඟ කරන්න පුළුවන් වේවිද?

:       0       0

දර්මසෙන Thursday, 26 September 2019 12:59 PM

කොපමණ නියෝග දුන්නත් අන්තිමට නඩුව බින්දුවයි. මුලින් මීට කලින් තිබුණු නඩු වල තීන්දුව දෙන්න. මේක කවුරු හරි කෙනෙක් මහජනයාව බුරුවාට අන්දවන නාඩගමක් පමණයි.

:       207       447

gamarala Thursday, 26 September 2019 01:11 PM

ඇයි මේ කරදර එතුමාට කරන්නේ? එයාට නුදුසුකම් තියනවනම් දිනුවොත් ඔබලාට අධිකරණය හමුවට ගිය හැකිනේ. කෙනෙකුට හිරිහැර කරන එකේ කිසියම් සීමාවක් තියෙන්න ඕන බව අමතක කරන්න එපා. පොලිසියටත් අධිකරණයටත් මේ වගේ වැඩවලට කාලය යොදවනවට වඩා වෙනත් කටයුතු තියනවනේ. කාලය හා ධනය නාස්ති නොකරනවානම් වටිනවා. 2015 ජනවාරි අට ඉඳලම කලේ මේ වගේ පලිගැනීම් නේද? මේ වැනි දේට වැය කළ කාලය ධනය රටේ දියුණුවට යෙදුවනම් ඔබලා මෙලහකට උඩින්ම දිනලා. දැන්වත් ඒ බව තේරුම් ගත්තොත් 2015 දී හෝ ආත්මය රැක ගත හැකියි.

:       2677       2575

JagathThursday, 26 September 2019 01:45 PM

සුපිරි පිළිතුරක්.මේවා කරන්න කරන්න තවත් ඡන්ද නැති කරගන්නවා.

:       588       770

gunarathnaFriday, 27 September 2019 01:20 AM

මේ හැම එකාම ගෝඨාට බයවෙලා ඉන්නේ. ගමරාල කියන දේවල් තේරුම් ගන්ට මොවුන්ට මොලයක් නැහැ. ගෝඨාභයට ප්‍රශ්නයක් එනවා නම් මෙහෙම ඉදිරිපත් වෙයිද? මුළු රටක් මේ මනුස්සයව ඉදිරිපත් කරාවිද? ගෝඨා ඡන්දෙට සල්ලි බඳිනකොට ඡන්ද කොමසාරිස්ට බැරිද මේකට විරුද්ධ වෙන්ට. ගීතාට වූ දේවල් දැක්කේ නැතිද? සමහරු කියනවා සුදුවෑන් ආපහු එනවලු. සුදු වෑන් වලින් ඉස්සුවා නම් පාතාලයෙක් හරි, කුඩු කාරයෙක් හරි තමයි. ඔය එක දේශපාලකයෙක් ඉස්සුවද සුදු වෑන් වලින් ඇවිත්. වටේ හිටපු පාතාලයෝ ටික ඉවර කෙරුවට තමයි මේ ගෝඨාට විරුද්ධ වෙන්නේ. මේ සේරම බයවෙලා ඉන්නේ ගෝඨා ආවොත් වටේ ඉන්න පාතාලයන් සේරම දාලා රටින් පැනගනීද කියලා...

:       23       0

සදුන්Thursday, 26 September 2019 03:17 PM

ඔබතුමාට එහෙමද හිතෙන්නේ..? එතුමා විදේශ ගමන් බලපත්‍රය අරගෙන තියෙන විදිහේ ප්‍රශ්නයක් තියෙනවනේ. අධිකරණය, නීතිය ක්‍රියාත්මක කරන විදිහට අපි බලමු. එතුමා කෞතුකාගාර හදලා නැද්ද?

:       0       0

Gamarala Thursday, 26 September 2019 03:27 PM

මෙහි අවසාන ජේදයේ 2015 , 2025 බව සලකන්න.

:       0       0

Chanak los angelesThursday, 26 September 2019 09:17 PM

ඔයතුමා බලයේ ඉඳගෙන විරුද්ධවාදීන්ට කල දේවලට අනුව එතුමා ලබනවා කියන හිරිහැර මදියි කියලයි මම නම් කියන්නේ...

:       0       0

wijwyaFriday, 27 September 2019 03:56 AM

කෙනෙක් පැමිණිල්ලක් කළවිට විභාග කිරීම තමයි පොලිසියේ හා අධිකරණයේ වගකීම සහ යුතුකම. අපට වෙන වැඩ තියෙනවා කියල මගහරින්න බැහැ. නිවැරදි අය නිදහස් වෙයි .

:       0       38

Chathuri Thursday, 26 September 2019 01:20 PM

අධිකරණයට දුන්නම් අැවන්ගාඩ් නඩුව අහපු කට්ටියට..... මොකද වැරදීමක් තිබුනොත් වහ ගන්න පුළුවන්නේ බොරුවට. පොලිසියයි,සි.අයි.ඩී එකයි හෑල්ලුවට පත් කරන්නේ නැතිව. හැම ලොක්කගේම නඩු පිළිගන්න අධිකරණයට අමාරුයි.

:       36       96

ගමගේ Thursday, 26 September 2019 03:44 PM

රටේ නීතියට අනුව අවශ්‍ය ලිපි ගොනු දෙන්න ඕනේ සුදුසුකම් පෙන්වන්න. එසේ නැතිනම් ලිපිගොනු නොදෙන්නේ ඒවා නැති නිසා කියා නිගමනය කරන්නට වෙනවා. මේක අරයාට, මෙයාට කියා නීතියට පිටුපාලා යන්න පුළුවන් දේවල් නොවේ. බැරිවෙලාවත් දිනුවොත් කලින් සැරේ වගේ ශිරාණි නෝනාව යවලා මොහාන් වගේ කෙනෙක් දාගෙන නීති වක්‍ර කරාවි. නැත්නම් සුදු වෑන් එවාවි...

:       0       0

Nandalal DE SILVA - France Thursday, 26 September 2019 04:07 PM

මැදමුලන ලොක්කා රජවෙලා හිටපු කාලේ කරපු මගෝඩි ව්‍යාපාරය මගින් ගෝඨා මලයාට ජාතික හැඳුනුම්පතකුත් ඒකේ පිහිටෙන් පාස්පෝර්ට් එකකුත් හදවාගත් බව බොහෝ දෙනෙක් දන්නවලු! ඒ අස්සේ ද්විත්ව පුරවැසියෙක් හැටියට මැදමුලනේ ඡන්ද ලැයිස්තුවට නම දාගෙන පවුල් පිටින් ඡන්දෙ දාපු විස්තර පින්තුර සහිතව පසුගිය දිනවල දුටු බව කාටත් අමතක නැතිවී තිබෙන බව මේ මෝසම් මගින් පෙන්නුම් කර තිබෙන නිසා මේවාට නියම පිළිතුරු අධිකරණය මගින් රටේ මුලුමහත් ජනතාවට නොවැම්බර් 16 දිනට පෙර දැනගැනීමට හැකි වේයැයි සිතමු!!!

:       0       0

Sriyal Thursday, 26 September 2019 07:11 PM

ගෝඨාභය ලංකාවේ පුරවැසිභාවය අතහැර ඇමරිකානු පුරවැසිභාවය ලබා පසුව ද්විත්ව පුරවැසියෙක් වූ අතර ලංකාවේ පුරවැසිභාවය නැවත ලබා ගැනීම අවශ්‍ය වේ.

:       0       0

සත්‍යපාල Thursday, 26 September 2019 07:48 PM

අපේ රටේ, යුක්තිය නීතිය, සාධාරණය සිද්ධ වෙන හැටි අපි පහුගිය කාලය පුරාවටම දැක්කා. මේ දේ ගැනත් අපිට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

:       0       0

Chanak los angeles Thursday, 26 September 2019 09:52 PM

ද්විත්ව පුරවැසිකමත් වංචාවක් කියලයි මම නම් කියන්නේ... මොහු ලංකාවට ගියේ අයියගේ බලය රටේ තිබෙන විටයි. මේවා හරියට විමර්ශනය වුනොත් යන එන මන් නැතිවෙනවා.

:       0       0

Indhika Friday, 27 September 2019 12:51 AM

ඕකට වැඩිය කෑගහන්න දෙයක් නැහැ. "CID" එකට දාලා කිසි අවුලක් නැහැ කියලා නිදහස් කරන්න යන්නේ. ද්විත්ව පුරවැසි වුණත් නැතත්. "CID" එක අවුලක් නැහැ කියන නිසා හැමෝටම පිළිගන්න වෙනවා. අපිට ඇත්ත දැනගන්න බැරිව ඔක්කොම යටයනවා. බැරි වෙලාවත් මෙතුමා ජනාධිපති වුනොත් කොහොමත් යට යනවා.

:       0       0

පිටිගල මිලානෝ Friday, 27 September 2019 05:24 AM

රටක් පාලනය කරන්න නම් ඉස්සෙල්ලා බය නැති වෙන්න ඕනේ.

:       21       31

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි
2025 ජනවාරි මස 17 194 0

විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත


‘ලෙකෝ’ විදුලි බිලට පෙර ගෙවුම් ක්‍රමයක්
2025 ජනවාරි මස 17 25 0

ලංකා විදුලි පෞද්ගලික සමාගම හේවත් ‘ලෙකෝ’ සමාගම විදුලි බිල් ගෙවීමේ පෙර ගෙවුම් ක්‍රමයක් ලබන මාර්තු මස වන විට හදුන්වා දෙන බවත් එම සමාගමේ පාරිභෝගිකයන් ගාස


ත්‍රස්ත ප්‍රහාරයකට සැරසුන සැක 3ක් රිමාන්ඩ්
2025 ජනවාරි මස 17 65 0

ඊශ්‍රායෙල් ජාතික සංචාරකයින් රැඳී සිටි ආරුගම්භයේ සංචාරක කලාපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙස් විදෙස් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබ


දුම්රිය රියදුරු විභාගයෙන් මගීන් පීඩාවට
2025 ජනවාරි මස 17 225 0

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර අවලංගු


බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත්
2025 ජනවාරි මස 17 370 1

බී.බී.සී නාලිකාවේ මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව තේරී පත්වෙමින් 9 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝප


කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි
2025 ජනවාරි මස 17 522 0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 318 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 584 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site