ජයන්ත සමරකෝන්
හිටපු ආරක්ෂක ලේකම් හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැඳුනුම්පතට සහ ගමන් බලපත්‍රයට අදාළ සියලුම නීත්‍යනුකූල ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (1) බාරදුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට නීත්‍යානුකූල ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු අද (2) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය මගින් කරන ලද දැනුම් දීමට අනුව ඊයේ (1) එම ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව ද එම දෙපාර්තමේන්තුවල උසස් නිලධාරිහු ‘ලංකාදීප’යට පැවැසූහ.
COMMENTS
අපි හිතනවා සාටකයන් බලයේ ඉන්න විට කිසිම දෙයක් නීතිගරුකව සිදුකර නැහැ කියා .
එහෙම නම් ඔක්කොම නීත්‍යානකූල ලියකියවිලි වෙයි.
බලය තියෙද්දී ඕනෑම දෙයක් කරගන්න පුළුවන් අපේ ලංකාවේ... ඒ කරගත්තුවා නම් කොච්චර ඇතිද? මම මේ කිව්වේ රට කරන හා රට කාපු හැමෝටම...
මේ රටේ ජනාධිපති වෙන්න කලින් රටේ ව්‍යවස්ථාවට ගරු කරන්න පුරුදුවෙන්න ඕනේ. කැලෑ නීතිය ක්‍රියාත්මක කරලා රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. මේක එක පුද්ගලයෙකු සම්බන්ධ කාරණාවක් නොවේ. රටේ ජීවත්වෙන සෑම පුරවැසියෙකුටම ව්‍යවස්ථාවේ තිබෙන නීතිය අදාලයි. සමහර අය මේ විදේශ රටක පුරවැසි නීතිය ගෝඨාභය මහත්තයට එරෙහිව සිදුකරන ක්‍රියාවක් ලෙස හදුන්වන්න උත්සහ කළත් එය මේ රටේ සියලුම පුරවැසියන්ට අදාළ බව ඒ අය අවබෝධ කර ගත යුතුයි. ජනාධිපති වෙන්නත් කලින්ම රජකම ඔලුවට ගහලා කටයුතු කළොත් එහි ආනිසංශ භුක්ති විදීමට සිදුවෙන බව අමුතුවෙන් කිව යුතු නැත.
අධීක්ෂණ ඇමතිටයි තංගල්ලේ සභාපතිටයි සෑහෙන්න දුක ඇති.
මෙයා උසාවිය මතක් කළොත් අසනීප වෙන කෙනෙක් කියලයි සෙනඟ කියන්නේ
අර්ජුන් මහේන්ද්‍රන් වගේ...
මේ පාර වැඩේ අප්සට්.කුඩුවට යනවා නියතයි. මිනී මෝරුන්ගේ පිහිට පමණයි.
ගෝඨා අාවොත් ආයෙත් රටින් යන්න වෙන හින්දා එන්.ජී.ඕ කාරයෝ බය වෙලා. රටේ මෙච්චර හොරකම් උනා ඔය එක ඩොලර් කාක්කෙක් නඩු දැම්මද?
අන්න වහල්ලු... උසාවිය භය කරන්න පොර කනවලු.
කමනි, රිෂාඩ්, අසාද් සාලි, හකීම්, විග්නේශ්වරන් වගේ අහිංසකයන් බේරලා කවුරු කූඩුවට ගියත් කමක් නැහැ නේද?
වියන්ගොඩ වගේ එන්ජීඕ කාරයෙකුට රටේ අනාගතය තිරණය කළ හැකිද?
අපේ රටේ අනාගතය අපායක්ද, සුරපුරයක්ද කියලා... තීරණය කළ යුත්තේ ගාමිණී කියන ප්‍රංශ ජාතිකයා විසින්... මන්ද යත් අපේ පුන්නක්කු භක්ෂකයින්ට අපේ මේ ප්‍රංශ ජාතිකයා දෙවියන් මෙනි. නමුත් ඔහු කරන්නේ ඩොලර් කුට්ටියක් ලබාගැනීමට කොන්ත්‍රාත් එකක් බව දන්නේ කී දෙනාද? අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ මහා පුටුවේ වැජඹෙන කොට හිටියේ කොහේද?