IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

(තිළිණි ද සිල්වා)
 
තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ  මූලික විරෝධතාව එම අධිකරණය  මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම සහ අභියාචන රීට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.
 
මෙම ප්‍රතිශෝධන පෙත්සම හා අභියාචනය විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කරමින් අභියාචනාධිකරණය මෙම පෙත්සම් ඉවත දමන ලදී.
 
හිටපු  ආරක්ෂක ලේකම් ගෝඨභාය රාජපක්ෂ මහතා ගේ නඩුව විභාගයට ගැනීමට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මේ බව දැනුම් දෙන ලදී.
 
අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
අභියාචනාධිකරණ්‍ය මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් වන ප‍්‍රතිශෝධන පෙත්සමේ සහ අභියාචන පෙත්සමේ විභාගය  කරමිනි.
 
තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ  මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.

එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු  මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියාසිටියි.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරු පෙන්වා දේ.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත. මෙම  පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක්  විශේෂ ස්ථිර  ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, නීතීඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (10)

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

ranjana silva Tuesday, 18 June 2019 09:54 AM

ජය වේවා

:       27       159

පිටිගල මිලානෝ Tuesday, 18 June 2019 10:04 AM

සිංගප්පුරුවේ පියා ලී කුවාන් යු ලෝක නායකයෙක් වුනේ පිළිම සාදා නොවේ. අවංක පාලකයෙක් වූ නිසයි.

:       0       188

Sanath Kandy Tuesday, 18 June 2019 10:14 AM

අවුරුදු හතරක් තිස්සේ ඇදගෙන ගියා වගේ තව මාස හතරක් ඔහොමම ඇදගෙන යමු. ජනාධිපතිවරණය ඉවර වෙනකල්. අනේ මෙහෙමත් රටක අපි ඉපදුනානේ.

:       1       178

Bishan Tuesday, 18 June 2019 01:08 PM

වැරදි කරලා නැත්තම් බය නැතුව නඩුවට ඉදිරිපත් වෙන්නකෝ. බොරු සංදර්ශන දන්නේ නැතුව.

:       26       204

සෙනෙවිරත්න Tuesday, 18 June 2019 01:14 PM

අධිකරණවල බලතල හොයන්නෙ නැතිව නඩුවට මුහුණ දිලා තින්දුව පිලිගන්න.

:       0       59

Saman Tuesday, 18 June 2019 02:37 PM

තවත් ඡන්ද ප්‍රතිඵලයක්

:       0       56

Sena Tuesday, 18 June 2019 02:40 PM

ඇමෙරිකාවටම වෙලා හිටියනං ඉවරනෙ

:       7       74

SamanWednesday, 19 June 2019 01:11 AM

ඒකනෙ කියන්නෙ.. එතකොට මැරුණු අයට සොහොනුත් නැහැ.. මෙයාට නඩුත් නැහැ,..

:       0       3

Chanak los angeles Tuesday, 18 June 2019 03:08 PM

නඩුවට අදාලව මතුවට කිසිම විරෝදතා අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නොහැක යන අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න .

:       259       374

Sena Wednesday, 19 June 2019 01:09 AM

'පුදනකොටම කාපි යකා'... නියමයි..

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 819 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site