(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර තැන්නේකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු තම නිවසට යන මාර්ගය සකසමින් සිටියදී ඊට ඉහලින් තිබූ පස් කන්දක් කඩා වැටී ඊට යට වී මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුමාර කුලසූරිය (58) නැමැති විවාහකයෙකි.
ඔහු තම නිවසට පැමිණෙන මාර්ගය සකසමින් සිටියදී ඊට ඉහලින් තිබූ විශාල පස් කන්දක් කඩා වැටී යටවී ඇති අතර ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා ඔහු ගොඩ ගත්තත් ඒ වන විටත් ඔහු මියගොස් තිබු බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක මරණයක්..., නිවන් සුව පතමි...!