'කොවිඩ් 19' වසංගතය හමුවේ, ඉන්දියාවේ රෝහල්වලත්, නිවෙස්වලත්, මාර්ගවලත් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩගැසෙන්න පටන්ගෙන ඇති බවත්, ගංගා නදියේ පවා මළසිරුරු පා වීමට පටන්ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.
බිහාර් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන අන්දමට ගංගා නදිය දිගේ පහළට ගසා ගෙනැවිත්, ඉවුරුවල රැදුණු මළසිරුරු 100 කටය වැඩි ගණනක් සෞඛ්‍ය බලධාරීන්ට හමුවී ඇත. ඒවා ගං ඉවුරේම දර සෑයක් සකසා ආදාහනය කළේ යැයි ද පැවැසෙයි.
කෙසේ නමුත් ගංගා නදියට මළසිරුරු එක් වුණු ආකාරය මෙතෙක් පැහැදිලි වී නැත. ප්‍රාන්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය ඒ සම්බන්ධයෙන් සොයා බලන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් ඔවුන්ගේ ආදාහන කටයුතු සිදු කරන්නේ ගංගා නදි ඉවුරේය. ඒසේ ආදාහනයට ගෙනා සිරුරු පහළට ගසාගෙන එන්න ඇතැයි සැක කෙරේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේය.
මේ අතර ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් රෝහල් පිරී යද්දී, ඔවුන්ට ප්‍රතිකාරයක් ලෙස, ඉන්දිය ඖෂධ නියාමන අධිකාරිය විසින් නිර්දේශ කරනු ලැබ ඇති 'ටූ ඩියොක්සි ඩී ග්ලූකෝස්' ඔසුව ලබා දීම නොකඩවා සිදුවන බව ද පැවැසෙයි.
'ටූ ඩියොක්සි ඩී ග්ලූකෝස්' යනු ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ වෛද්‍ය පර්යේෂකයන් විසින් නිපදවනු ලැබූ කොරෝනා රෝගීන්ට ලබා දෙන ඖෂධයකි ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ඒකක ඉන්දීය රජය යටතේ පවතින පර්යේෂණ ආයතනයක් වන අතර, මෙහි ප්‍රධාන රසායනාගාරය පිහිටා ඇත්තේ හයිද්‍රාබාද් නුවරය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගංගා නදියේ මළසිරුරු පාවෙයි
ranjith Tuesday, 11 May 2021 12:19 PM
උද්දච්ච නායකයෙක් මුලු භාරතයම විසාලා මහනුවරක් වෙලා