(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඛනිජ සම්පත් පනත් කෙටුම්පතේ අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය.
කතානායකවරයා මෙම පනත් කෙටුම්පතේ අත්සන සහතික කර ඇත්තේ ඊයේ(8) දිනයේදීය.
මේ අනුව මෙම පනත් කෙටුම්පත ඊයේ දිනයේ සිට බලාත්මක වනු ඇත.
ඛනිජ සම්පත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පෙරේදා (6) සංශෝධන සහිතව සම්මත විය.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඛනිජ සම්පත් කැණීමේ කටයුතු නියාමනය ඛනිජ සම්පත් අධිකාරියට පැවරීමට මෙම පනත් කෙටුම්පත මගින් නීතිමය ප්‍රතිපාදන සැලසෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා රාජපක්ෂලාගේ ඕන කුණු ගොඩක් අත්සන් කරයි....