(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බාරදුන් බව එම සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඒ මහතාට සභාපති ධූරයෙන් ඉවත්වන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කර තිබූ දැනුම්දීමට අනුව මෙසේ ඉල්ලා අස්විය.