(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ඩොලර් මිලියන 50 ක් වැයකර කෆීර් යානා අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් අරඹා ඇති බවටතොරතුරු වාර්තා වන හෙයින් ඒ කටයුතු වහාම නවත්වා එම මුදල් කොරෝනා මර්දන කටයුතුවලට යොදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපාර්ලිමේන්තුවේ දී ඊයේ (5 )ඉල්ලීමක් කළේය .
ඒ මුදල්වලින් කොරෝනා අරමුදල ශක්තිමත් කරන්නැයි ද ජනාධිපති වරයාට යෝජනා කරන බව ඔහු කීය.
ශරීර සුවතාවය සාක්ෂාත් කිරීම සඳහා රුපියල් කෝටි 65 ක් වැයකර කායවර්ධන මධ්‍යස්ථාන ඇරඹීමට රජය සූදානම් වීම හොඳ දෙයක් වුවත් මේ අවස්ථාවේදී එය සුදුසු නැති බවත් ඒ මුදලුත්කොරෝනා ව්‍යසනය පරාජය කිරීම සඳහා යොදවන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී ප්‍රකාශ කරමිනි .
මේ ප්‍රකාශයෙන් පසු නැගී සිටි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා එම මුදල ගත්තේ කොවිඩ් අරමුදලින් වත් ඒ සඳහා වෙන්වූ මුදල් වලින් වත් නොවන බව කීය.
ඒක අයවැය යෝජනා අනුව ආපු කැබිනට් පත්‍රිකාවක් බවත් මේ අවස්ථාවේදී අප කරන්නේ ප්‍රසම්පාදනය පමණක් බවත් ඇමතිවරයා පැවසුවේ ය. මුදල් වෙන් කිරීමක් නොකරන බවද ඔහු කීය.
කොරෝනා මර්දන කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශය කලට වෙලාවට මුදල් ලබා දෙන බවත් කොවිඩ් වලට වෙන්කර ඇති මුදල් වෙනත් ව්‍යාපෘති වලට කිසිසේත් නොයොදවන බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෆීර් අලුත්වැඩියාවට යන මුදල් කොරෝනා මර්දනයට ගන්න
SL Wednesday, 05 May 2021 09:10 AM
කොළඹ වැනි ජන ඝනත්වය වැඩි ප්‍රදේශ වල රැකියා කරන සියල්ලටම හැකි ඉක්මණින් වැක්සින් එක දෙන්න. එංගලන්තේ මරණ ප්‍රමාණය 2000 සිට 4-5 දක්වා අඩුවී තිබෙන්නේ ඔවුන් සියලු දෙනා වැක්සින් කරපු නිසයි. ඔවුන් 3 වෙනි මාත්‍රා පටන් අරගෙන. අපිට ස්පුට්නික්-වී හරි සිනෝ ෆර්ම් හරි මොකක් හරි ඉක්මණීන් දෙන්න.
Don perera Wednesday, 05 May 2021 09:53 AM
තව සල්ලි කන වැඩක්.. මේවා ඊස්‍රායලයේ ගුවන් හමුදාවෙන් අයින් කරලා ගොඩක් කල්... තව ගේමක් මේක..