
(ක.ග. කරුණාරත්න)
ගොයම්කොළ මඩින යන්ත්‍රයක ආධාරයෙන් වියලි බඩ ඉරිඟු කරල් ඇට වෙන් කරමින් සිටි 49 හැවිරිදි කාන්තාවක එම යන්ත්‍රයට හසුවීමෙන් මියගොස් ඇතැයි බකමූණ පොලීසිය කියයි.
බකමූණ පොලිස් වසමට අයත් අත්තනකඩවල, ජයසිරිපුර, සරුබිම ප්‍රදේශයේදී පෙරේදා මෙම අනතුර සිදුවී ඇත.
එම අනතුරින් මියගොස් ඇත්තේ අත්තනකඩවල, ජයසිරිපුර, සරුබිම, අංක 505/141 ලිපිනයේ පදිංචිව සිටි දෙදරු මවක වන ජයවීර ආරච්චිලාගේ විමලා පුෂ්පරාණී (49) යන අයයි.
මෙම කාන්තාව තවත් පිරිසක් සමඟ මෙම බඩ ඉරිඟු කරල්වලින් ඇට ඉවත් කිරීමේ නිරතව සිටියදී ක්‍රියාත්මකවෙමින් පැවැති කොල මඩින යන්ත්‍රයට ඇගේ හිස ඇතුළුවි මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය සිදු කල විමර්ශන වලදී හෙළිවී තිබේ.
එම අනතුරින් බරපතල තුවාල ලබා සිටි කාන්තාව ප්‍රතිකාර සඳහා අත්තනකඩවල රෝහලට ඇතුළු කිරීමෙන් පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට මාරුකර යවා සිටියදී මියගොස් ඇත.
මියගිය කාන්තාවගේ මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොලොන්නරුව මහ රෝහලේදී අද(20) සිදු කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිහු පැවැසූහ. බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුරිය ඔබට නිවන්සුව ලැබේවා...!!!
මේ අම්මාට මෙවන් අකල් මරණයක් මින් මතු නොවන්නත්, නිවන් සුවත් පතනවා.
දිගු කෙස් ඇති පුද්ගලයින් මෙම යන්ත්‍ර සමඟ වැඩ නොකළ යුතුය.