IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කළු ගඟ ජලාශයේ කටයුතු ලබන මාසයේදී අවසන්

(නිමල කොඩිතුවක්කු)

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියට අයත් අනෙක් ජලාශය වූ කළු ගඟ ජලාශයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ලබන මාසය වන විට එහි පූර්ණ ප‍්‍රතිලාභ ගොවි ජනතාවට ලබාදිය හැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

එමෙන්ම එම ව්‍යාපෘතියට අයත් ප‍්‍රධාන ඇළ මාර්ගය වූ වයඹට ජලය ගෙන යන වයඹ ඇළ, නැගෙනහිරට ජලය ගෙන යන ඉහළ ඇළහැර සහ මිණිපේ ඇළ සංවර්ධන කටයුතු ද මේ වන විට කඩිනමින් සිදුවන බවත් ජනාධිපතිවරයා  සඳහන් කළේය.

මහවැලිය - සංහිඳීයාවේ ගංඟාව සහ 95 න් පසු මහවැලි ග‍්‍රන්ථ ද්වය ජනගත කිරීම වෙනුවෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ  පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා  මේ බව ප‍්‍රකාශ කළේය.

95 සිට 2010 දක්වා මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇසුරේ සිදු කළ අති විශාල වැඩකොටස පිළිබඳ ලේඛනගත ප‍්‍රකාශනයක් නොමැතිවීමේ අඩුව සපුරාලීමට 95 න් පසු මහවැලිය ග‍්‍රන්ථය සම්පාදනය කර තිබේ.

කඳුරට, රජරට, උතුරු නැගෙනහිර මතු නොව අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන මහවැලිය - සංහිඳියාවේ ගංගාව, ග‍්‍රන්ථය තුළ අන්තර්ගතය.

 

ග‍්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති, ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ සහ ග‍්‍රන්ථ ද්විත්වයේ ප‍්‍රධාන සංස්කාරක කේ. ආරියතුංග යන මහත්වරුන් ඇතුළු සම්පාදක මණ්ඩලය විසින් මෙහිදී ග‍්‍රන්ථ ද්විත්වය ජනාධිපතවරයා  වෙත පිළිගැන්වීය.

 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සතළිස් වසරක් පුරා කි‍්‍රයාත්මක මහවැලි සංවර්ධන වැඩසටහන මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන්නා සේම එය රටේ හෙට දවස වෙනුවෙන් කි‍්‍රයාත්මක නිමා නොවන පුනරාගමන කි‍්‍රයාවලියක් බවයි.

මහවැලි දියවරෙන් මහපොළෙව තෙත් කරන එම යෝධ කි‍්‍රයාන්විතයේ සුවිශේෂි ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය මුළු මහත් ශ‍්‍රී ලාංකේය ඉතිහාසයේ කි‍්‍රයාත්මක වූ සුවිසල් කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය ලෙස දේශයේ ප‍්‍රගමනය සඳහා නිම කරන්නට ලැබීම තම ජීවිතයේ ලද භාග්‍යයක් බව ද ජනාධිපතිවරයා එහිදී  කියා සිටියේය.

ජලය සහ භූමිය බෙදාගත නොහැකිව මහපොළව ගොවීන්ගේ රුධිරයෙන් තෙත් වූ අවස්ථා තමා ද දැක ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වියළි කලාපීය ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් මොරගහකන්ද කළු ගඟ මහා ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකි වූ බවයි.

රජරට ගොවි ජනතාව වෙනුවෙන් තමා දුටු දීර්ඝකාලීන සිහිනයක් වූ මොරගහකන්ද ව්‍යාපෘතිය යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන්  සහ එදා මෙදා මහවැලිය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප‍්‍රධාන ඉංජිනේරුවාගේ සිට සැලසුම් ශිල්පින්, තාක්ෂණික ශිල්පීන් මෙන්ම අවසාන කම්කරුවා දක්වා සියලුදෙනාට තම ගෞරවය පුද කරන බවද ජනාධිපතවරයා එහිදී පැවැසීය.

ජල කළමනාකරණයේ විශේෂඥයෙකු සහ 1976 සිට වරින් වර මහවැලියට එක්ව කටයුතු කළ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා මෙම උත්සවයේ ප‍්‍රධාන දේශනය සිදු කරන ලදී.

ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, පී. දයාරත්න, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු මහවැලියට සම්බන්ධව කටයුතු කරන සහ කළ මැති ඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් විද්වතුන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියහ.



අදහස් (3)

කළු ගඟ ජලාශයේ කටයුතු ලබන මාසයේදී අවසන්

Chanak los angeles Wednesday, 24 July 2019 08:33 PM

ගොවියන්ට ලබා දේවිද වැව් තාවුල්ලේ හෝටල් හදන්න දුවට ලබා දේවිද දන්නේ නැහැ. කියන්නේ එකක් කරන්නේ වෙන එකක්නේ..

:       0       4

Lalith Thursday, 25 July 2019 05:50 AM

ලබන අවුරුද්ද වෙනකම් තමුන් නැතිබව අමතකවෙලා වගේ...

:       1       0

de silva Thursday, 25 July 2019 07:21 AM

මටත් ආරංචි, ඔය යෝජිත් ජලාශය අසබඩ ඉඩම් බොහොමයක් පොළොන්නරුවේ හාල් මුදලාලි මිලට අරන් කියලා... මම නම් හිතන්නේ හෝටල් හදන්න නොවේ. වී ගොවිතැන් කරන්න වෙන්න ඕනේ. මෙයාගේ බණ අහලා මට නම් දැන් ඇති වෙලා.. තව කොහොමත් මාස 3නේ ඕකත් ඉවසන් ඉඳිමු. මොනවා කරන්නද? අපිමනේ මෙයාව පත්කරගත්තේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site