(සජීව විජේවීර)
වරින් වර මෙරටින් වාර්තා වුව ද කළෙකින් දක්නට නොලැබුණු කළු කොටියකු ප්‍රථම වතාවට කැමරාවක සටහන්ව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සත්ත්වයා සටන්ව ඇත්තේ සිරිපා අඩවිය අවට වනාන්තරයෙනි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වන මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක මහත්වරුන් විසින් දුරස්ථ චලන කැමරා සවිකරමින් කරන ලද අධ්‍යයනයක දී එක් කැමරාවක මෙම කළු කොටියාගේ දර්ශන පටිගත වී ඇත.
මෙවැනි කළු කොටියකු මෙරට දී කැමරාවක සටහන් වූ ප්‍රථම අවස්ථාව එය බව ද වනජීවී නිලධාරීහු කියති.
ලෝකයේ වාර්තාවන කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියා මෙරටට ආවේණික උප විශේෂයකි. සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වන මෙම කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණය ගෙන දෙන වර්ණ දේහයක් ස්වභාවිකවම සිරුරේ නොමැතිවීම හේතුවෙන් කළු පැහැති කොටි උපත ලබයි. ඒ අනුව කළු කොටියා යනු වෙනත් කොටි විශේෂයක් නොව මෙරටින් වාර්තාවන පැන්තරා පාඩුස් කොටියා යන උප විශේෂයේම වර්ණ ප්‍රබේදයකි.
ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව මෙලෙස වර්ණ ප්‍රබේදය ඇතිවී තිබෙන බව පර්යේෂකයන්ගේ මතයයි.
කළු කොටි කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ වනාන්තර තුළින් වරින් වර වාර්තා වී ඇතත්. අදින් වසර කිහිපයකට පෙර අවසන් වරට පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේ දී මන්දකට අසුවීමෙන් කළු කොටියකු මියයාමෙන් පසු එවැනි සත්ත්වයකු මෙරටින් වාර්තා වූයේ නැත. එම සත්ත්වයාගේ සම සංරක්ෂණය කර ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ කළු කොටි අනුරුවක් සකස් කෙරුණු අතර එය මෙරටින් වාර්තා වූ අවසන් කළු කොටියාගේ සාක්ෂිය ලෙස සැළකිණි.
ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවයට හා උෂ්ණත්වයට අනුව මෙම වර්ණ ප්‍රබේදය ඇතිවන බව විද්‍යාත්මක පිළිගැනීමයි.
පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පවසන්නේ ට්‍රිපිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුත සඳහා ලබාදුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සොයා ගැනීම සිදුකළ බවයි. දැනට ශ්‍රී ලංකාවේ ස්ථාන හයක පමණ කළු කොටි සිටිය හැකි යැයි වාර්තා වී ඇතත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලෙස හමුවී ඇත්තේ මෙම කොටි ධේනුව පමණි.
ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි පැන්තරා පාඩුස් කොටියා නමැති කොටි උප විශේෂය මෙරටට ආවේණික අතරම ජීවත්වන අතර මේ දක්වා ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ගහනයකි. එම සතුන් අතර වර්ණ ප්‍රබේදයක් වන කළු කොටියා ඉතාමත් සීමිත බැවින් මෙය ලෝක වනජීවී ක්ෂේත්‍රයේ ඉතා අද්විතීය සොයා ගැනීමකි.
පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම කොටියා හමුවූ ස්ථානය අවට මෙම ගැහැනු සත්ත්වයාට අමතරව පිරිමි සතකු සහ පැටවුන් දෙදෙනකු ද ගැවසෙන බවට වාර්තා වන බවයි. ඒ අනුව කළු කොටියාගේ වර්ණ ප්‍රබේදයේ නිලීන ජානය මෙරට කොටි ගහනයේ තවදුරටත් සජීවී ජානයක් ලෙස පවතිනු ඇතැයි යන්න මෙරට සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයට සුබදායී පණිවයකි.




ඡායාරූපය - වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇසුරෙනි
COMMENTS
දඩයක්කරුවන්ගේ ඇස ඒ සතා වෙත යොමු නොවේවා..!
කරුණාකර එම සත්වයාට එයාගේ පරිසරයේ ජීවත්වීමට ඉඩ හරින්න. වුවමනාවට වඩා එයාගේ විස්තර නොදමන්න.
ඉස්සෙල්ලම සෙලොනිකා ශාඛය දැන් කළු කොටියා... ඇත්තටම සතුටුයි අපේ ආවේනික ස්වභාවික වස්තුන් වඳවෙලා නැහැ කියලා දැනගන්න ලැබෙනකොට.. මේ දේවල් සුරක්ෂිත කිරීම පාලකයින්ගේ වගේම මහා ජනයාගේත් වගකීමක්.. අනේ කාලකන්නි දේශපාලුවන්ට මේ සත්තු ගෙදර ගෙනත් හදාගන්න දොළදුකක් ඇති නොවේවා..
බ්ලැක් පැන්ත(ර්) කියන්නේ දුර්ලභ සතෙක්නේ. ලංකාවේ ඉන්නේ දිවියා. කොටියා නෙමෙයි. කහපාට හමේ කළු ඉරි තියෙන සතා කොටිය. කහපාට හමේ කළු තිත් තියෙන සතා දිවියා. පැන්තරා පාඩුස් කියන්නේ දිවියන් වර්ගයක්. ලංකාවට ආවේනික වෙන්න පුළුවන්...
වනජීවී දෙපාර්තමේන්තුව වහාම මෙම සත්වයාගේ වටිනාකම අවට ජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුතුය. එසේ නොවේ නම්, ඔවුන් මෙම සත්වයා මරා දැමිය හැකිය.
කලු කොටියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න. ඒ අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දුන්නා ඉවරනේ...
1995 මුලින්ම හම්බු උනා උතුරු පළාතේ හැබැයි ලංකාවේ හමුදාවට , 2009 අවසන් උනා ....
හෙඩ් ලයින් එක දැක්කම ඇඟේ ලේ වතුර උනා
ඒ කියන්නේ කොටි වඳ වී නැත.