IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


කොළඹ සිට ඩකා නුවරට බෝට්ටු සේවයක්

( තිළිණි ද සිල්වා )

කොළඹ සහ බංගලාදේශයේ ඩකා නුවර අතර මගී ප්‍රවාහන බෝට්ටු (Cruse) සේවයක් ආරම්භ කිරීම කෙරෙහි  මේ වන විට දෙරටේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියයි.

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහාකොමසාරිස් තාරේගමද් අරිෆුල් ඉස්ලාම්  මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර සංචාරක අමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී  මේ බව හෙළිවිණි.

ඒ අනුව ඉදිරියේ දි ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සහ සංචාරක අමාත්‍යවරයා අතර එකගත්වය පළ වී ඇත.

බංගලාදේශ මහ කොමසාරිස්වරයා  මෙහි දි කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් මාර්තු මාසයේ නිළ සංචාරයක නිරත වු අවස්ථාවේදී දෙරට අතර සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට තීරණය වූ බවය. 

අදාළ අවබෝධතා ගිවිසුම මේ වන විට කෙටුම්පත් කර ඇති බවත් ඉතා කඩිනමින් එය අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් බංගලාදේශ මහකොමසාරිස්වරයා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හමුවේ වැඩිදුරටත් කීවේය. 

බංගලාදේශයේ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සදහා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ සහාය අත්‍යවශ්‍යය බව පෙන්වා දුන් මහකොමසාරිස්වරයා ඒ සදහා සහාය ලබා දෙන්නයැයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. 

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ අවශ්‍ය ඕනෑම  මොහොතක ඒ සදහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකාව සුදානම් බවයි.

බෞද්ධ ශිෂ්ටාචාරය මත පදනම් වු සංචාරක ව්‍යාපාරය, කඩොලාන හා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය දෙරටේම සංචාරකයන් අතර ප්‍රචලිත කළ හැකි බව ද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා පන්වා දුන්නේය.

සංචාරක අමාත්‍යවරයා කියා සිටියේ බිම්ස්ටෙක්, සාර්ක් වැනි කළාපීය සමුළු හරහා දකුණු ආසියානු කළාපයේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. දකුණු ආසියානු රටවල සංචාරක අමාත්‍යවරුන්ගේ සමුළුවක් හරහා මෙම රටවල ඒකාබද්ධ සංචාරක ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ද ඇමතිවරයා කීවේය. ඊට බංගලාදේශ මහකොමසාරිස්වරයා ද එකගත්වය පළ කළේය. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව  දැනුවත් කර කඩිනමින් එම අමාත්‍ය සමුළුව කැදවීමට තීරණය කෙරිණ. 

මෙම සාකච්ඡාව සදහා සංචාරක අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.



අදහස් (14)

කොළඹ සිට ඩකා නුවරට බෝට්ටු සේවයක්

Shantha - Qatar Monday, 01 November 2021 02:22 PM

මේ මිනිස්සුන්ට ඇත්තටම මොලේ නරක් වෙලාද? එච්චරයි මට කියන්න තියෙන්නේ...

:       1       114

Alfread de CostaWednesday, 03 November 2021 06:17 AM

ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය වෙනස් නොකරොත් ඔය බෝට්‍ටු දැම්ම වගේම තමයි. එක මිනිහට දරුවො 20-30යි. සිංහල දෙමළ එකාට උපරිම 4යි. අවුරුදු 15න් රට අල්ලන්න පුලුවන්. එක නීතියක් ගේන එක ගැන දැන්වත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕන .

:       0       0

කිරි පුතා Monday, 01 November 2021 02:45 PM

මෙහෙන් කවුද බංග්ලාදේශයට යන්නේ..? එහෙන් මෙහෙට නම් එයි... අැවිත් ආයේ යන එකකුත් නෑ. රෝහින්යා සරණාගතයිනුත් එයි. මේ ගණුදෙනුව බොහෝම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්...!!! සාමාන්‍යයෙන් බංග්ලාදේශයේ වැසියන් විනෝදෙට සංචාරය කරන අය නෙවෙයි. රට රටවලට යන්නේ රැකියා හොයාගෙන..

:       0       136

Ruhunu Monday, 01 November 2021 03:03 PM

මේ ඇමැතිලා කරොත් කරන්නේ ගොන් වැඩමනේ...

:       0       63

ජනතාව Monday, 01 November 2021 03:05 PM

අසාමාන්‍ය සංචාරක ව්‍යාපාර න්‍යායක අසහාය හැකියාව. බුද්ධිය සහ හැකියාව ගැන ආඩම්බරයි...

:       0       52

Nuwan Monday, 01 November 2021 03:11 PM

ඔච්චරයි අඩු දැන්...!

:       0       48

Ruby Monday, 01 November 2021 03:18 PM

ඉතාමත් අනුවණ වැඩක්. බංගලියාට හොඳ අවස්ථාවක් ලංකාවට එන්න.. අලි මදිවට හරක් කිව්වා...

:       0       62

Basil Monday, 01 November 2021 06:40 PM

හොඳ තීරණයක්... ඔයපාර ණය අරගෙන එක ප්ලේන් එකෙන් නැතිව බෝට්ටුවෙන් ගේන්න පුළුවන්.. සල්ලි ඉතුරුවෙයි නොවැ.. නියමයි මැටිතුමනි නියමයි..

:       0       43

chandima Monday, 01 November 2021 08:27 PM

බෝට්ටු ගේන්න කළින් මිනිස්සුන්ට කණබොන බඩු ගෙනාවා නම්...?

:       33       7

Rohana Monday, 01 November 2021 10:16 PM

බංග්ලාදේශය ලංකාව අතර බෝට්ටු පදින කොට කියන තරම් ආදායමක් ලංකාවට ලැබෙයිද? අනික ගුවන්මගින් ඉක්මනින් යන්න සංචාරකයන් අකමැතියි කියල හිතාගෙනද බෝට්ටුවලින් බඩගාන්න හදන්නේ.

:       0       0

Perera Tuesday, 02 November 2021 12:02 AM

තලෙයි මන්නාරම ඉඳලා ඉන්දියාවට තිබුණු බෝට්ටු සේවයවත් ආයේ ස්ථාපිත කරගන්න බැරි අය ඊටත් එහා තියෙන බංගලිදේශයට බෝට්ටු අරින්න කතාව

:       0       0

Kumar (Gulf) Tuesday, 02 November 2021 02:32 AM

සරණාගත කට්ටිය ලංකාවට පටවන්න හොඳම ක්‍රමය

:       0       0

Rohan Tuesday, 02 November 2021 04:37 AM

බංග්ලාදේශයනුත්ණය ගත්තා. අපිව හිඟන්නන් කලා. දන් ජනතාවට බංග්ලාදේශයට හෝ යාමට සලස්සන එක හොදයි

:       0       0

Dadoriya Wednesday, 03 November 2021 09:56 AM

අයියෝ මෙහෙමත් මෝඩ නායකයෝ .විදේශිකයින් කොයිද .හොරා කෑම තව තවත් රජ වෙයි .කුඩු මුදලාලිලා සමග එක්වී .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 408 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site