
(නිමල කොඩිතුවක්කු)
කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන්ට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් අද(09) සිට ආරම්භ කෙරෙණි.
මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව. 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය වීමට නියමිතය.
නවීන තාක්ෂණයෙන් යුත් ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10 ක් සහ බලවේග එන්ජින් 02ක් ඇති අතර සියලුම මැදිරි වායු සමනය කර ඇත. එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාර රථයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් වලින් මෙම දුම්රිය සමන්විත වේ.
මෙම දුම්රියේ සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන මගීන් හට මසකට පෙර සිට ජාලගත ක්‍රමයට ඊ ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට හැකිවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලදිගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2500කි.
දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණ.
ඉන්පසු අමාත්‍යවරිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කල අතර මෙම අවස්ථාවට දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ඇතුළු නිළධාරිහු පිරිසක් සහභාගී වූහ.
මෙම දුම්රිය සේවාව තුළින් උතුරුකරය බලා යන දෙස් විදෙස් සංචාරකයින්ට උපරිම සැප පහසු ගමනක් ලබා ගැනීමට හැකිව ඇති බවත් අමාත්‍යවරිය එහිදී සඳහන් කළේය.
ඉදිරියේදි මෙවැනි සුඛෝපභෝගි සේවාවන් කාර්යාල දුම්රිය සේවාවන්ට එක් කිරිමට මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවත් ඇය සඳහන් කළාය.
ඒ අනුව කොළඹට ආසන්න ප්‍රධාන නගරවල සිට වායුසමනය කල මැදිරි සහිත දුම්රිය සේවා කිහිපයක් ඉදිරි සති 02ක් තුළ ආරම්භ කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරිය තවදුරටත් අමාත්‍යවරිය තව දුරටත් පැවසුවාය.
මෙම දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය,කොටුව,පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුරය,වව්නියාව,කිලිනෝච්චි
මෙහි ප්‍රවේශපත්‍රයක මිල ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා රු.1700, ගල්කිස්සේ සිට වව්නියාව රු.1500, ගල්කිස්සේ සිට අනුරාධපුරය දක්වා රු.1200කි.

COMMENTS
දවසක් 2ක් වෙලාවට යවයි. ඊළඟට ඕකත් පරණ විදිහටම ප්‍රමාද වී ගණන් කරයි.
ඕකෙ ජනෙල් රෙදි ටික නැවත හෝදන දා... ඒ කියන්නේ තව අවුරුදු 100කින් නැවත උත්සවයක් තිබ්බ හැකි එකවැඩේට...
ඇතුලේ කැමරා සවිකර මැදිරිවලට හානිකරන අයට දැඩි දඬුවම් දෙන්න...
ළඟ හිටියා නම් උම්මා එකක් දීලා රූපවාහිනියේ පෙන්වා ගන්නවා ආයේ කතා දෙකක් නෑ.
හොඳ වැඩක්... කොච්චර ට්‍රේන්ස් දැම්මත් ටිකට් ගන්න ගියාම නෑ කියනවා. ඒ වුණාට ට්‍රේන්වල හිස් සීට් තියෙනවා දකින්න පුළුවන්. බස් මාෆියාව ට්‍රේන් ටිකට් විකුණන්න දෙන්නේ නෑ. විශේෂයෙන්ම වවුනියාවෙන්...
ඇති යාන්තම් එහෙම වැඩක්වත් කළා. දැන් ඉතින් බලන්න ඕනෑ නඩත්තුව කොහොමද කියලා. මිනිස්සු යන්නේ සල්ලි දීලනේ.. නමුත් ජරාජීර්ණ තත්වයට පත් නොකර හොඳ නඩත්තුවක් කරන්න දෙපාර්තමේන්තුවයි, සේවකයොයි දැනගන්න ඕනෑ..
මේ කලින් තිබුණු දුම්රියමනේ... පහුගිය කොරෝනා කාලේ නතර කරලා තිබිලා නැවත ආරම්භ කරලා වගේ... අලුතෙන් ආරම්භ කරපු එකක් නොවෙයි. පීත්ත පටි කපලා අලුත් ගමනක් ගියාට. පවතින දුම්රිය සේවය හරියට පවත්වාගෙන ගියොත් ඇති. එතකොට මේ අය හොඳටම නොකළත් මදැයි...
මොනව කළත් වැඩක් නැහැ. කාර්යක්ෂම සහ ආකර්ෂණීය සේවයක් ලබාගන්න නම් දුම්රිය සේවය අනිවාර්යෙන්ම පුද්ගලිකකරණය විය යුතුය.
දුම්රිය නම් සැපයි. අවුල තියෙන්නේ වැසිකිළිවල. ව්තුර ගලනවා. හරිම අපිරිසිදුයි.
හොඳ වැඩක් මගීන්ගේ පහසුව සඳහා.