(මහින්ද නිශ්ශංක)
රටපුරා හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරීම සඳහා අත්‍යවශ්‍ය සේවා යටතේ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අද (21) සිට අඛණ්ඩව සිදු කෙරෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
අත්‍යවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ බෙදාහැරීම,ගොඩ බෑම වැනි කටයුතු මෙහිදි සිදු කෙරේ.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දායා රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙය සිදු කෙරේ.
මේ සඳහා සේවකයින්ට නිවසේ සිට පැමිණිමට ප්‍රධාන මාර්ග 7 ක බස් රථ සේවාවක්ද යොදවා ඇතැයි අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd