(ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා)

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා ජනාධිපති ගෝඨාභය මහතා විසින් සාමාජිකයෝ හත් දෙනෙක් අද (31) පත්කරනු ලැබූහ.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සභාපතිත්වය දරන එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය, ඕරල් කෝපරේෂන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා යන මහත්වරුන්ය.

එම සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද අද (31) සිදු කෙරිණ .

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉකුත්(20)වැනිදා සම්මත විය.එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 148 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59 ක් පමණි.

(ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා)

(ඕරල් කෝපරේෂන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා)

(මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා)

(මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා)

(ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා)

(මහා භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහතා)